IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ගමේ දානපතියනුත් අන්දවා ගැටවු පිරිසක් රියාල් ගේමක් දීලා

(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
තරුණ තරුණියන් එන්නත් කිරීමට එන සෞඛ්‍ය අංශවලට සංග්‍රහ කිරීමට යයි කියමින් ප්‍රදේශයේ දානපතීන් කිහිපදෙනකුගෙන් එකතු කළ මුදලින් තමන්ම අපූරු සංග්‍රහයක යෙදුණු තරුණයන් දෙතුන් දෙනකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් අසන්නට ලැබේ. 


අවුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණියන්ට කොරෝනා මර්දන එන්නත් කිරීමේ කටයුතු කරට ගත්තේ ගමේ තරුණ ගැටවුන් කිහිපදෙනකුය. ඒ තරුණ තරුණියන් මේ එන්නත ගැනීමට දැක්වූ මැලිකමත් සමගමය. ඒ නිසාම ඔවුහු ගමේම තරුණ තරුණියන් එන්නත්කරණයට යොමු කිරීමට අපූරු කාර්ය රැසක්ම එදිනට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළෝය.


එන්නත්කරණයට එන සෞඛ්‍ය අංශවලට සංග්‍රහ කිරීම, තරුණ තරුණියන් එන්නත්කරණ මධ්‍යස්ථානයට අද්දවා ගැනීමට වැඩසටහන් පැවැත්වීම මේ අතර විය. ඒ සඳහා යන පිරිවැය ගමේ දානපතීන් කිහිපදෙනකුගෙන් එකතු කිරීමට ද ඔවුහු තීරණය කළහ.


ඒ අනුව මේ තරුණ පිරිස ගමේ දානපතීන් කිහිපදෙනකු ළඟටම ගොස් සිය අදහස කියා පෑහ. ‘අනේ ළමයිනේ ඔයාලා එන්න කලින් දැන් තරුණ ළමයි දෙතුන්දෙනෙක් ඇවිත් ඔය කාරණේටම කියලා අපෙන් මුදල් ඉල්ලාගෙන ගියා’ යයි ඔවුන් කී විට තරුණ පිරිස ‘අනේ ඇත්තද? හැබැයි අපි තමයි මේ වැඩසටහන සංවිධානය කරන්නේ. කොයි වගේ අයද ආවේ’ යයි කී විට එක් නිවැසියකු සිය නිවෙසේ ඒ අවස්ථාවේ සී.සී.ටී.වී. දර්ශනවල පුනරූපණ ගෙනහැර පෑවේය.


තරුණයන්ට කාරණය පැහැදිලි විය. තමන්ගේ සත් ක්‍රියාව ආරංචි වූ ගමේ වැඩකටම නැති තරුණයන් දෙතුන් දෙනා මේ රියල් ගේම දී ඇති බව සක්සුදක් සේ විශ්වාසය. 


ඔවුන් අඳුනාගත් මේ තරුණ පිරිසේ ඉන් එක් අයකු දුරකතනයෙන් සම්බ්නධ කර සොයා බලනවිටත් ඔවුන් එකතු කර ගත් මුදලින් සෙට් වී මදු බඳුන් තොලගාමින් සිටියේලු. 

 



අදහස් (0)

ගමේ දානපතියනුත් අන්දවා ගැටවු පිරිසක් රියාල් ගේමක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 117 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site