IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ගෙම්බන්ට පන්දම් අල්ලා මාඵ ටිකටත් තට්ටු වෙලා

(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
දුම්බර ප්‍රදේශයේ මහවැලි ගඟට නුදුරු ගම්මානයක ගෙම්බන් එළවීමට අපුරු උපක්‍රමයක් භාවිතා කිරීමට ගොස් අමාරුවේ වැටීමේ සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණි.


මෙම සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා රැකියාව ලෙස විසිතුරු මසුන් ඇති කිරීම සිදු කළ අතර, එම ව්‍යාපාරය හරහා මාසිකව සැලකිය යුතු ආදායමක් උපයන ලදී. ඒ සඳහා සකස් කළ විසිතුරු මත්ස්‍ය පොකුණු කිහිපයක්ද ඔහුගේ නිවස ආසන්නයේම පිහිටා තිබිණි.


මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟම එම පොකුණු ගෙම්බන්ගේ රජ දහනක් බවට පත්වූ අතර, ගෙම්බන් එම පොකුණු කිහිපයම ආක්‍රමණය කිරීමත් සිදුවිය.


කාලය ගතවීමත් සමඟ ගෙඹි ගහණය වැඩීවීමත්, ඒ හේතුවෙන් ගෙම්බන්ගේ කන්කරච්චලය සවස් කාලයේදී ඔහුට මෙන්ම පවුලේ උදවියට ද මහත් හිසරදයක් විය.


ගෙඹි උවදුරෙන් මිදීම සඳහා විවිධ උපක්‍රම රැසක් යෙදූ නමුත් ඒ කිසිවකින් ප්‍රතිඵල අත් නොවිණි. ඒ අතර ව්‍යාපාරිකයාගේ විසිතුරු මසුන් ගැණුම්කරුවකු විසින් අපූරු උපදෙසක්  ඔහු වෙත ලබා දෙන ලදී.


ඒ අනුව  පොකුණු වටා ලාම්පු තෙල් යෙදූ පන්දම් පත්තු කිරීමට උපදෙස ලබා දෙන ලදී. ඒ සඳහා දිනයක් ද  වේලාවක් ව්‍යාපාරිකයා වෙත නියම කර දෙන ලදී. අදාළ දිනයේ මිතුරාගේ උපදෙස් පරිදි අකුරට පන්දම් දැල්වීම සිදු කළ අතර, එම පිළියමට අනුව එදින ගෙඹි කරච්චලයෙන් මිදී සුව නින්දක් ලබා ගැනීමට ඔහුට හැකිවිය.


පසුදින උදෑසන විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරිකයා තම දෛනික කටයුතු ආරම්භ කිරීමට පටන් ගත් අතර පොකුණු කිහිපය පරීක්ෂා කිරීමේදී පොකුණුවල මසුන්ගේ අඩුවක් ඇති බව ඔහුට වැටහිණි.


ඒ අනුව තවදුරටත් සොය බැලීමේදී සත්‍ය ඔහුට වැටහෙන්නට වැඩි වේලාවක් ගත නොවිණි. ගෙවුණු රැයේ ගෙඹී කරච්චලෙන් මිදී තමන් සුව නින්දේ පසුවූ අවස්ථාවේ, දල්වන ලද පන්දම්වල එළිය ආධාරයෙන් පොකුණුවල සිටි විසිතුරු මත්සයින් මළු පුරවා කවුරුන් හෝ රැගෙන ගොස් ඇති බවයි.



අදහස් (0)

ගෙම්බන්ට පන්දම් අල්ලා මාඵ ටිකටත් තට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site