IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගමට ආ ගුරුතුමා වට්ටියේ ඔන්චිලි පැදලා

නාගරික ප්‍රදේශයක ජීවත් වූ තරුණයකු ගුරුපත්වීමක් ලැබ ගමේ තිබූ දුෂ්කර පාසලකට ගොස් ගමේ කොලු කුරුට්ටන් සමග එක්ව ගහේ බඩු බීමට ගොස් ගැරුම් වට්ටියක ඔන්චිලි පැදීමට සිදුවූ පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


ඔහු නගරබද හැදුණු වැඩුණු වැදගත් පවුලකට අයත් ගුණගරුක තරුණයෙකි. ඔහු ගුරු පත්වීමක් ලැබ දකුණේ කුඩා විදුහලකට ගොස් මහත් සතුටින් දරුවන්ට අකුරු කළේය.


ගමේ කා අතරත් ජනප්‍රිය චරිතයක් වූ මේ ගුරු මහතා පසු කලෙක ගමේ කොලු කුරුට්ටන් සමග එක්වී ගැමි ක්‍රීඩා කරන්නටත් වෙල් ඉපනැල්ලේ දුව පනින්නටත් මහත් ආශාවක් දැක්වීය.


කෙසේ වුවද ගම්බද තරුණ තරුණියන් මොහුට මහත් ගෞරවයෙන් සැලකුවේ තිබූ උතුම් ගතිගුණ හා දැහැමි දිවි පෙවෙත නිසාය.
මෙසේ මිතුරු වූ කොල්ලන් මොහුට හොඳ යෝජනාවක් කළේය. ඒ එක් අයෙකු මහ වන මැද කිතුල් ගසක මලක් කපා තෙලිදිය වෑහෙන බවත් ගහේ බඩු තිබෙන බවත් උණු උණුවේ කිතුල් රා වඩියක් ගැසීමට පැමිණෙන ලෙසත්ය.


මුලදී අකමැත්තක් දැක්වුවද ඔහුගේ යටි සිත දැඩි සේ මෙය සිදු කරන ලෙස බල කළේය. කෙසේ වුවද මෙවැනි දේ සිදුකර ගම්මුන් හෝ විදුහලේ කවුරුන් හෝ දැන ගතහොත් ඇතිවන අවනම්බුවට බියේ එම අදහස අත්හැරියේය.


කෙසේ වුවද මිතුරන්ගේ පෙරැත්තය නිසාම  මෙය රහසක් සේ තබා ගන්නා බවට පොරොන්දු කරවා ගැනීමෙන් අනතුරුව දඩමස් පොට්ටනියක්ද සකසා ගෙන ගුරුතුමා සමග මහ වන මැද කිතුල් ගස අසලට ගිය විට මොහුට දැනුණේ නැව්ම අත්දැකීමකි. ඉතා කුඩා කිතුල් ගසක ඇති රා මුට්ටිය දැක එය බොන තෙක් නිම් හිම් නැති හදිසියක්ද විය.


එය බිමට බාගෙන පානය කිරීමට වඩා ගසට නැගීමට මෙම තරුණ ගුරු මහතා කැමැත්තක් දැක්වූ බැවින් ප්‍රවේසමෙන් ගසට නැග කිතුල් පිත්ත මත වාඩිවී රා පොල්කටු කිහිපයක් පානය කළේ මහත් වූ ආශාවෙනි.


බයිට් හා මයියොක්කා ඇඟට වැටෙන විට බමර පදම ඒමට වැඩි වේලාවක් ගත නොවූයේ මොහුට මෙය නුහුරු බැවිනි.
ටික වේලාවකින් කිතුල් ගස මුදුනේ සිංදු කියන්නට වූ අතර ගසෙන් බසින්නට නොහැකි බව පැවසීය. කොලු ගැටයන්ට දෙවියන් සිහිවිය. කෙසේ හෝ ගුරු මහතා රහසිගතව යළි ගමට රැගෙන යා යුතුව ඇත. එසේ නොවුවහොත් කාට කාටත් ගම්මුන්ගෙන් ඇනුම් බැනුම්ය.
එකෙක් හොඳ අදහසක් යෝජනා කළේය.


ඒ තම නිවසේ ගැරුම් වට්ටියක් ඇති බවත් එයට හොඳ කඹයක් ගෙන උගුවැල් දමා ගුරු තුමා බිමට බාගත හැකි බවත්ය.


සියල්ලෝම එකතුව වහාම ගමට දිවගොස් ගැරුම් වට්ටියට කඹය දමා කිතුල් ගසට ගෙන ගොස් හිමින්ම බිමට බාන විට ගුරුතුමා මත් ගතියෙන් පැවසුවේ ඔන්චිලි පද්දවන ලෙසයි. තරුණයන්ද බොහෝ වේලාවක් ගුරුතුමා ඔන්චිලි පැද්දවූයේ මහත් විනෝදයක්ද සමගිනි.
කෙසේ හෝ ගුරුතුමා වත්තන් කරගෙන මහ වන මැදින් ගමට පැමිණෙන විටත් සිද්ධිය ගම පුරා පැතිර ගොස් තිබුණේ ලැව් ගින්නක් මෙනි.


පාසලේ විදුහල්පතිවරයාටද ආරංචිය සැලවූ අතර  මොහු කැඳවා අවුරුද්ද එන්නත් කලිං ඔන්චිලි පැද්ද බව ආරංචියි යනුවෙන් විමසූ විට මහත් සේ ලජ්ජාවට පත්ව සතියක් නිවාඩු දමා සිය නිවසට පැමිණියාලු.

 



අදහස් (0)

ගමට ආ ගුරුතුමා වට්ටියේ ඔන්චිලි පැදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 68 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site