(මොරගොල්ලාගම සිසිර කැලේගම)
රාජ්‍ය ආයතනයක දේපළ පරික්ෂාවකට අලුයම් කාලයේ ඇතුල් වූ උසස් නිලධාරීන් හමුවේ නිදා සිටි ආරක්ෂක නිලධාරියකු නිදා නොසිටි බව පෙන්වමින් සිය රාජකාරිය නිසි ලෙසට ඉටුකර පෙන්වීමේ සිද්ධියක් ඇතුගල්පුර පුරවරයෙන් වාර්තාවේ.
එය වාහන අමතර කොටස් අලුත් වැඩියා කරන ස්ථානයකි.
අක්කර ගණනාවක් පුරා විහිදී ඇති එහි ආරක්ෂක අංශය සඳහා ප්‍රධාන ගේට්ටුවේ දිනකට එක් සේවකයෙක් පමණක් යොදවනු ලබයි.
දිනක් අලුයම් කාලයේ කොළඔ සිට නිලධාරි පිරිසක් පරීක්ෂාවට පැමිණියහ.
මුර කුටියේ සේවකයා මේසය මත තද නින්දක පසුවන්නේ ඔළුවේ සිටම කබායකින්ද වසාගෙනය.
පැමිණි නිලධාරීහු වාහනය පිටත තබා ගේට්ටුවෙන් රිංගා පිටුපස වාහන අංගණය දෙසට යති. අවට තේකඩයක සේවකයෙක් සිද්ධිය වහා නිදාසිටි ආරක්ෂකයාට දැනුම් දුන්නේය.
එය පැවැසීමට ආ තේකඩයේ සේවකයාට ඔහු නිදා සිටි ආකාරයට මේසය මත සිටින්නට කියා ඔහු අනෙක් අන්තයෙන් වාහන අංගණය දෙසට දිව ගියේය. නිලධාරින් පිරිස වාහන කොටස් පරික්ෂා කරකර ඉදිරියට එනවිට ඔහු කවුද කියා ටෝච් එක දල්වා ප්‍රශ්න කෙරුවේය.
එතකොට ගේට්ටුවේ ඉන්නේ කවුද? නිලධාරිහු ප්‍රශ්න කළෝය.
සර්, ඒ අවට මල්ලි කෙනෙක් ඔහු මුරකුටියේ නවතා මම මේ පැත්තේ ආරක්ෂාවට ආවා. ආරක්ෂකයා කීය.
පරික්ෂාව නිමකරවා ආපසු යන ගමනේ නිදාසිටි අය අවදි වී නිලධාරීන් ඉදිරියට පැමිණියේය.
ඇත්ත තමයි.
නිදාගෙන ඇත්තේ වෙන කෙනෙක් ආරක්ෂකයා සේවය අවංකව ඉටුකර ඇතැයි පොතේ සටහනක් ද යොදා සේවය ඇගයීමට ලක්කර පැමිණි නිලධාරිහු නික්ම ගියහ.
2025 ඔක්තෝබර් මස 08
1982
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගේමක් ගහලා ජාමේ බේරාගෙන