IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගැබිනි බිරියට ආප්ප ගේන්න ගිය සැමියා බීලා ගල්තලාවක් උඩ බුදි

(කෑගල්ල අධිකරණ – චමින්ද වැවතැන්න)


ගැබිනි බිරියගේ දොළදුක සන්සිදුවීමට උණු ආප්ප රැගෙන ඒමට පැමිණි සැමියා මිතුරන් සමග හොඳටම සූර් වී ගල්තලාවක වැටී සිටියදී ගැබිනි බිරිඳම අමාරුවෙන් වත්තන් කරගෙන නිවෙසට රැගෙන යාමට සිදුවූ පුවතක් කෑගල්ලෙන් වාර්තාවේ.
ඔහු තරුණ ව්‍යාපාරිකයෙකි. මව්පියන් සමග නිවෙසේ පදිංචිව සිටියේය. බුලත්කොහුපිටිය ප්‍රදේශයේ තරුණියක සමග පෙමින් වෙළුණ ඔහු මීට වසරකට පමණ ඉහත දී දෙපාර්ශ්වයේම ආශිර්වාදය ඇතිව එම තරුණිය සමග විවාහ විය.
තරුණයා ඉඩමක් මිල දී ගත් අතර එහි නව නිවෙසක් ඉදිකිරීමට ද ආරම්භ කළේය. නිවෙසේ අඩක් වැඩ නිමවන විට බිරිඳ සමග ඔහු එහි පදිංචියට ආවේය.
බිරිඳ ගැබිනියක වන ලකුණු පහළ කළාය. සැමියාට මෙන්ම මව්පියන්ට ද එය ප්‍රීතිමත් ආරංචියක් විය. එපමණක් නොව බිරිඳ කෑමට බීමට ආසා කරන ඕනෑම දෙයක් කොහෙන් හෝ සොයා දීමට සැමියා කටයුතු කළේය.
“මට උණු ආප්ප කන්න ආසයි.” බිරිඳ සැමියාට කීවාය. ඒ වනවිට වේලාව රාත්‍රි 7 පමණ වී තිබිණි.
මං අරන් එන්නම් එසේ කී තරුණ සැමියා යතුරුපැදියේ නැගී ආප්ප කඩය බලා ඉගිලී ආවේය. ආප්ප කඩයට නිවසේ සිට කිලෝ මීටරයක් පමණ දුරය.
හන්දියට ගියවිට ඔහු දුටුවේ මිතුරන් තුන් හතර දෙනකු මධුවතින් සප්පායම්වීමට සූද‌ානමින් සිටින බවය. මත්පැන් තොල ගෑමේ දොළදුකක් ඔහුට ද ඇතිවිය.
පැමිණි කාරණය ද අමතක කළ ඔහු මිතුරා ද සමග මහ පාරට ආසන්නයේම වූ ගල්තලාවකට ගොස් මත්පැන් බීම ආරම්භ කළේය.
හොඳටම පදම් වූ පසු ඔහු ගල් තලාව මතම නින්දට වැටුණේය. මිතුරන් ඔහු අවදි කිරීමට කොතෙක් උත්සාහ කළ ද එය අසාර්ථක විය.
“නැගිටපු වෙලාවක යන්නැතෑ. අපි යමු.” එසේ කී මිතුරෝ යන්න ගියහ.
රෑ 10 පහුවී ගිය ද සැමියා ගෙදර නොපැමිණි හෙයින් බියට පත් බිරිඳ විදුලි පන්දමක් ද රැගෙන හන්දිය දෙසට ආවාය.
සැමියාගේ යතුරුපැදිය පාර අයිනේ නතර කර තිබෙනු දුටු බිරිය ඒ අවට විපරම් කළාය.
මද දුරක් ඇවිද ගිය ඇයට කවුදෝ ගොරවන හඬක් ඇසුණි. එදෙසට ඇය විදුලි පන්දම එල්ල කළාය.
‘දෙයියෝ සාක්කි’ ඇයට කියැවුණේ ඉබේටමය. සැමියා ගල් තලාවේ සැප නින්දකය.
අමාරුවෙන් ඔහු අවදිකරගත් ඇය ඔහුට පවසා සිටියේ “මීට පස්සෙ නම් කවදාවත් ආප්ප කන්න ඕනෑ කියලා ඉල්ලන්නේ නෑ” යනුවෙනි.
ගමේ තරුණ පිරිස ඔහුට ‘ආප්පයා’ කියා නමක් පටබැන්දේ බිරියගේ මුවින්ම සිද්ධිය කීප දෙනකුට විස්තර කළ හෙයිනි.

 



අදහස් (0)

ගැබිනි බිරියට ආප්ප ගේන්න ගිය සැමියා බීලා ගල්තලාවක් උඩ බුදි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1982 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site