තම විවාහක ස්වාමි පුරුෂයා සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් නිසා ඔහුට අපූරු දඬුවමක් දුන් තරුණ බිරියක් පසුව පැමිණ පොලිසියට බාරවූ බව හලාවත පොලිසිය කියයි.

හලාවත ඉරණවිල ධීවර ගම්මානයේ පදිංචි 32 වැනි වියේ පසුවන තරුණ එක් දරු මවක වූ කාන්තාවක් තමන් තම සැමියාගේ රහසඟට පිහි පහරක් එල්ල කර ඊට හානි පැමිණවූ බව කියමින් පොලිසියට බාර වී ඇති බවත් ප්‍රශ්න කිරීමේ දී තම සැමියා අනියම් බිරියන්ගේ පහස සොයා යන බැවින් නිතර ඔහුට තමා අවවාද කළ බවත් එහෙත් එම අවවාදවලින් සැමියා යහමගට නොපැමිණි නිසා තමන් පිහියක් ගෙන ඔහුට මෙම දඬුවම දුන් බවත් පොලිසියට පවසා ඇත.
මේ අතර මෙම බිරියගේ ස්වාමි පුරුෂයා බව කියන පුද්ගලයා තම රහසඟ කැපී තුවාලයක් සිදුවූ බව කියා ප්‍රතිකාර සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වූ බව රෝහල් පොලිසිය ද කීය.
සැමියාගේ තත්ත්වය බරපතළ නොවන අතර ඔහු ශල්‍ය කර්මයකට භාජනය කිරීමට නියමිත බවත් රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
(හලාවත - ඔගස්ටින් ප්‍රනාන්දු)
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගෑනු පස්සෙන් යනවාට ගෙදර ගෑනිගෙන් රිදෙන්න දඬුවමක්