(හිඟුරානේ - නවරත්න සමරතුංග)
සේවය නිමකොට සවස නිවෙසට යාමට සූදානම් වූ කාර්මිකයෙක් එදින උදෑසන ආරක්ෂිත ස්ථානයක නතර කරගිය යතුරුපැදියට නැගීමට යද්දී එම ආයතනයේ ගේට්ටුව වසා තිබුණ බැවින් විශාල ඉලූක් කැලෑවක මීටර් සිීයක් පමණ පාරක් තනාගෙන නිවෙසට ගිය සිද්ධියක් එක්තරා ප‍්‍රසිද්ධ නගරයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු සේවය කරන ස්ථානයට යාබදව තිබුණේ රජරට අනුබද්ධ ආයතනයකි. එහි අංගණයට ඇතුළුවීමට ගේට්ටුවක් ඇති අතර, එය විවෘතකර තිබිණ. සිරිත් පරිදි එම භූමියේ තම යතුරු පැදිය නතරකළ කාර්මිකයා සවසට යතුරු පැදියේ නැග නිවෙසට ගියේය.
එතෙක් සිද්ධියවූ දින ඔහුට වැඩ අධික වූයෙන් රාත‍්‍රි 7.00ට පමණ වැඩ නිමවී නිවෙසට යාමට යතුරුපැදිය නවතා තිබූ ස්ථානයට යනවිට එහි ගේට්ටුව වසා තිබිණ.
අන්ද මන්ද වූ හෙතෙම ඒමේ අත බලා කිසිවකුට හෝ නොපෙනෙන්නට ගේට්ටුව උඩින් පැනගත්තේය. එහි පිටුපස එක් ප‍්‍රදේශයක ඇත්තේ ඉලූක්ගාලකි. අනෙක්පස ඇත්තේ රාජ්‍ය බැංකුවකි. එහි ආරක්ෂක නිලධාරින්ද සිටින බැවින් වෙල්යායක් අද්දරින් ඇති ඉලූක්ගාල හරහා යාමට ඔහු තීරණය කළේය.
ඉලූක් ගාල දෙපසට කරමින් පැයක් පමණ පාරක් සකස්කර එය මැදින් යතුරුපැදිය තල්ලූකළ කාර්මිකයා දහඩිය පෙරාගෙන ප‍්‍රධාන මාර්ගයට පිවිසියා පමණය.
එතැනට පැමිණි ඔහුගේ මිතුරෙකු මේ මොකදැයි විමසීය. ගේට්ටුව වහලා මාර කට්ටක්නේ කෑවේ. කාර්මිකයා කීය. කට්ටක් නම් කෑවට කමක් නෑ.
පොලොංගු නොකෑ එකමයි පුදුමය යැයි කියද්දී කාර්මිකයා යතුරුපැදිය පණගන්වාගෙන එතැනින් ඉගිළ ගියේය.
2025 දෙසැම්බර් මස 04
608
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
515
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
430
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෙදර යන්න හදද්දී ගේට්ටුව වහලා: අලි ජංජාලයක් වෙලා
වත්තගේ Friday, 13 March 2015 03:29 AM
අන්ද මන්ද වූ හෙතෙම ඒමේ අත බලා කිසිවකුට හෝ නොපෙනෙන්නට ගේට්ටුව උඩින් පැනගත්තේය. (බ)
නාරද Thursday, 12 March 2015 08:17 AM
ගේට්ටුව උඩින් පැන්නහම පාරනේ තියෙන්න ඕනේ.(හේ)
රෙජි-සිඩ්නි Thursday, 12 March 2015 02:25 AM
අනුන්ගේ තැන් වලට හොරෙන් යන්න ගියාම වෙන්නේ ඔය වාගේ වැඩ තමයි. (නි)
කුමාරි Thursday, 12 March 2015 04:04 PM
නාරද, ආපසු ලිපිය කියවන්න. (නි)
කුමාරි Thursday, 12 March 2015 04:07 AM
යාළුවා කියපුදේම තමා ඉලුක් ගාලක් මැදින් කියනකොට මටත් හිතුනේ. අනතුරක් නොවුන එක ගැන සතුටුයි.(නදී)