IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගෙදර බල්ලා නැකතට බුරා මඟුල කඩලා

නැකතට වැඩ කරන පියා නිසා පුතාට මනාලිය අහිමිවීමේ පුවතකි.


ඔහු රාජ්‍ය ආයතනයක සාමාන්‍ය නිලධාරියෙකි. මිතුරකුගේ මාර්ගයෙන් දැන හඳුනාගත් තරුණියක හා කතාබස් කළ ඔහු කෙටි කලකදීම ඇය සිය සහකාරිය ලෙස තෝරා ගන්නට තීරණය කළේ ඒ සඳහා ඇයට බොහෝ සුදුසුකම් ඇති බව තේරුම් ගැනීම නිසාය


කලක් තිස්සේ පැවති ආදර සම්බන්ධතාවය ගැන මෙන්ම ඇය ගැනද ඔහු නිවසේ උදවියට ද පවසා සිටියේ ඇය සමඟ විවාහ විය යුතුයැයි පවුලේ පිරිසට ද යෝජනාවක් ගෙන එමිනි.


 ඒ අනුව දෙපාර්ශවයේ ඥාතීන් සමඟ දුරකථන මගින් කතා කරගත් පරිදි පසුගිය දිනක මනමාල පාර්ශවයේ උදවිය  මනාලියගේ පාර්ශ්වයේ නිවස බලා යාමට තීරණය කළේ ඉපැරණි චාරිත්‍ර වාරිත්‍රවලට අනුව එය අනිවාර්යෙන්ම සිදුවිය යුතු බව ද එකිනෙකාට පවසා ගනිමිනි. ඒ සඳහා දිනයක් ද තීරණය කෙරිණි. 


ඒ අනුව තම නිවසට පැමිණෙන දියණියගේ අනාගත සහකරුවා පිළිගන්නට මනාලියගේ පාර්ශ්වයේ උදවියද විය පැහැදම්කොට දිවා ආහාරය ඇතුළු සියලු  පහසුකම් සැලසුවේ එහි කිසිදු අඩුපාඩුවක් සිදු නොවන්ටද වග බලා ගනිමිනි.


 මනාලියගේ  නිවස බලා පිටත්වීමට නියමිත දිනයේ සියලු කළමනා සුදානම් කරගත් මනාල පාර්ශවයේ පිරිස නිවසට ගෙන්වා ගත් වෑන් රථයකින් මනාලියගේ නිවස බලා යාමට පිටත් වූයේ නැකතට වැඩකරන පියා විසින් සකස් කරදෙන ලද නැකත් ක්‍රමද ටක්කෙටම අනුගමනය කරමිනි.


පිරිස නිවසින් එළියට බසින විටම බුරාගෙන ඉදිරියට පැමිණි, එම නිවසේම ඇති දැඩි  කරන සුරතල්  සුනඛයා  කීප විටක් නගුට වනා කණපට ගසමින් පිරිසට ආචාර සමාචාර දැක්වූයේ  සුනඛ ගතිය ඔවුන් යන ගමනට බාධාවක් වෙතැයි නොදන්නාකම නිසාය.


 එහෙත් සුනඛයාගේ ක්‍රියාවෙන් මුහුණ ඇඹුල්කරගත් මනාලියගේ පියා ආපසු නිවසට රිංගා ගත්තේ “මේ ගමන අදනම් කීයටවත් යන්න බැහැ. මේක අසුබයි”  කියමිනි.


 පියාගේ අදහස් වෙනස් කිරීමට පවුලේ සෙසු උදවිය  කොතෙක් උත්සාහ කළ ද ඉන් පලක් නොවිණි. අවසානයේදී මනාලියගේ නිවසට දුරකතන ඇමතුමක් දී සිද්ධිය පහදා දෙන්නට මනාලයා කොතෙක් උත්සාහ කළ ද දුරකථනය අතට ගත් ගුරුමහතෙකු වූ මනාලියගේ පියා පවසා ඇත්තේ “ඔයවගේ හණමිටි අදහස් තියෙන මිනිස්සු මෙහේ ආයේ නාවාට කමක් නැහැ” යනුවෙනි. 
(වියලුව  වාර්තාකරු)

 



අදහස් (0)

ගෙදර බල්ලා නැකතට බුරා මඟුල කඩලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 602 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site