(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
සිය නිෙවසේ බැල්ලියට ලැබුණු පැටවුන් පෝෂණය කිරීමට අල්ලපු ගෙදරට බාර කිරීමට ගොස් ඇතිවූ ආරවුලක් පොලිසියට ගොස් සමතයට පත් වූ සිදිධියක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය,
එම ගෙවල් දෙක එක ළඟට වන්නට ඉදිකර තිබේ. ඉන් එක ගෙදරක බල්ලකු හා අනෙක් ගෙදර බැල්ලියක සුරතලයට ඇතිකර තිබේ. කාලයත් සමග බැල්ලියට පැටවුන් ලැබුණු අතර එය එම නිවෙස් හිමියන්ට හිසරදයක් විය.
මෙයට වගකිව යුතු වන්නේ අල්ලපු ගෙදර බල්ලා බව ඔවුන් තීරණය කර ඇත්තේ පසුගිය කාලයේ දී එම බල්ලා සමග බැල්ලිය සිටි බැවිනි. එම ගෙවල් දෙක ද නිතර ආරවුල් ඇතිකර ගන්නා පවුල් දෙකකි. පසුව අල්ලපු ගෙදර නිවැසියන් විසින් බලු පැටවුන් බල්ලා සිටින නිෙවසට ගෙනවිත් දමා ඇත්තේ එම පැටවුන් අයිති එම බල්ලාට බවත් ඔවුන්ට ආහාර පාන ලබාදිය යුත්තේ එම නිවැසියන් බවත් පවසමිනි. තම බැල්ලිය වෙනත් කොහෙවත් නොයන බවත් කොතරම් පහර දුන්නත් අල්ලපු නිෙවසේ බල්ලා රහසිගතව පැමිණි බවත් එම නිසා අල්ලපු ගෙදර අයට පැටවුන් බාර ගන්නා ලෙස මෙම සිද්ධිය පොලීසියට ගිය අවස්ථාවේ දී බැල්ලියගේ හිමිකාරයන් පවසා ඇත.
සිද්ධිය සමාදාන කළ පොලිස් නිලධාරියා පවසා ඇත්තේ ” මේක බලු නඩත්තු කෙස් එකක් ” කමක් නැහැ පැටවුන් ටික පොලිසියට ගෙනවිත් දාන්න අපි බලාගන්නම්, යැයි කීවේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගෙදර බැල්ලියගෙන් අල්ලපු ගෙදර බල්ලාට නඩත්තු කේස් එකක්