IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගෙදර කුණු පාරට ගෙනාවාට ටියුෂන් සර්ට අලුත් පාඩමක්

හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
නිවෙසේ එකතුවන කැළි කසළ මලු‍ වළ දමා මාර්ගය අසල ගෙනවිත් දැමූ තරුණ අඹුසැමි යුවළක් මුහුණ දුන් අපූරු සිදුවීමක් දකුණු පළාතේ ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ.


 ‍දකුණු පළාතේ ලස්සන නමකින් හඳුන්වන නගරයක් ආසන්නයේ මෑත කාලයේ විවාහ වූ තරුණ යුවළක් සිටියහ. දෙදෙනාම රජයේ සේවකයන් වන අතර යතුරුපැදියෙන් සිය රාජකාරියට යාම සහ පෞද්ගලික ගමන් බිමන්වල යෙදීම සිදුකරති.


සිය රාජකාරියට අමතරව උපකාරක පන්ති පැවැත්වීම සැමියාගේ අමතර ආදායම් මාර්ගයද වී තිබුණි.


නිවෙසේ එකතුවන කැළි කසළ මලු‍වලට දමා උදෑසන සේවයට යන අතරතුර ප්‍රධාන මාර්ගය අසලට ගෙනවිත් දැමීම සිදුකර ඇතැයි පැවසේ. 


අනවසර කසළ බැහැර කිරීම පිළිබඳව පළාත් පාලන ආයතන නිලධාරීන් සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙලෙස ගෙනවිත් දමන ලද කසළ සහිත මලු දැක ඇති අතර ඔවුහු ඒවා පරීක්ෂා කළහ.


එසේ පරීක්ෂා කිරීම්වලදී උපකාරක පන්තියක අත්පත්‍රිකා සහ ඉවතලන ලද නිවාඩු අයදුම්පතක් සහ මංගල ආරාධනා පත්‍ර කිහිපයක් නිලධාරීන්ට ලැබෙන අතර ඒ අනුව සිදුකළ විමර්ශනයේදී කසළ බැහැර කළ පුද්ගලයා සොයා ගැනීමට නිලධාරීහු සමත් වූහ.


පරීක්ෂා කිරීම්වලදී හමුවූ තොරතුරුවලට අනුව යුවළ ගෙන්වා සිදුකළ විමසීමේදී කසළ බැහැර කිරීම තමන් සිදුකළ බවත් ඒ සඳහා සමාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ මේ ප්‍රශ්නය තවත් දුරදිග ගියහොත් තමන්ට සිදුවන අවමානය ගැන සිතමිනි. කසළ විධිමත්ව බැහැර කිරීම සම්බන්ධව උපදෙස් සඳහන් පත්‍රිකා තොගයක් මුද්‍රණය කරදීමට සහ ඩෙංගු රෝගය පිළිබඳව සඳහන් පුවරු කිහිපයක් නිර්මාණය කර නගරයේ තැන් කිහිපයක ප්‍රදර්ශනය කිරීමට ඔහු ඉදිරිපත් වීම නිසා අවවාද සිදුකර මුදාහැර ඇති බව ද වාර්තා වේ. 


සිද්ධිය ප්‍රදේශයේ ජනතාවගෙන් වසන් කර ගැනීමට ඔහු කෙතරම් උත්සාහ දැරුව ද උපකාරක පන්ති ගුරුවරයාගේ අලුත් පන්තිය පිළිබඳව කතාව ජනතාව අතර පැතිර යාමට වැඩි දිනක් ගත නොවීය.



අදහස් (0)

ගෙදර කුණු පාරට ගෙනාවාට ටියුෂන් සර්ට අලුත් පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site