IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ගෙදරින් ටවුමට ආ හැටි අමතක වී මුදලාලි අලි අමාරුවක වැටිලා

(මාවනැල්ල විශේෂ සමන් විජය බංඩාර)
මාවනැල්ල නගරයේ ව්‍යාපාරික මහතකු හදිසියේ කෑගල්ල නගරයට තම වාහනයේ ගොස් එහිදී තමාගේ අවශ්‍ය කටයුතු හා බඩු බාහිරාදිය රැුගෙන වාහනය අමතක කර ලංගම බස්රථයක  පැමිණි සිද්ධියක් වාර්තා විය.


දැනගත් අන්දමට සිද්ධිය මෙසේය.
වසර ගණනාවක් මාවනැල්ල නගරයේ වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මෙම පුද්ගලයා නගරයේ කා අතරත් ප‍්‍රසිද්ධ වී ඇත්තේ ගුණපාල නමිනි. ව්‍යාපාර කටයුතු වලින් තරමක් ඉහළ නමක් දිනා සිටියත් ඔහුට තිබූ එක් රෝග ලක්ෂණයක් වූයේ විටින් විට අමතක වීමේ අඩුපාඩුව පමණි.


පසුගියදා තමන්ගේ කඩයට අවශ්‍ය බඩු කිහිපයක් රැුගෙන ඒමට තම වෑන් රථයෙන් කෑගල්ල නගරයට ගියේ අතරමගදී තමන්ගේ හිතවතෙකු ද කෑගල්ලේ යෑමට මහ මග සිටිනු දැක වාහනයට නංවා ගෙනයි. කෑගල්ල නගරයේදී වාහනය නවතා දෙදෙනා තම වැඩ කටයුතු සඳහා වෙන්වී යන්නට විය.


ගුණපාලද තමන්ට අවශ්‍ය කළමනා සියල්ල නගරයෙන් මිලයට ගෙන පොලිතින් මල්ලක බඩු මුට්ටු සියල්ල දමා ගත්තේය. පසුව ඒ සියල්ල අතැතිව හනිකට පැමිණ කෑගල්ල මාවනැල්ල බස් රථයට ගොඩවිය. බසයද තම ගමන ආරම්භ කළේ බස් රථයේ මගීන් විශාල ප‍්‍රමාණයක් ඒ වනවිටත් සිටි හෙයිනි. කෑගල්ල පසුකර මීපිටිය පල්ලම ළඟා වෙන විට බසයේ වම් පසින් දකුණු පසට ගිය ගුණපාලට කෙනෙකු තට්ටු කරනු දැක බැලීය. එවිට ගුණපාලට තම වාහනය මතක් විය. ඒ තට්ටු දමා ඇත්තේ උදේ තමන්ගේ වාහනයේ පැමිණි මිතුරාය.


කෝ වෑන් එක ගරාජ් එකට දැම්මාද? කියා ඔහු ගුණපාලගෙන් ඇසීය.


නෑ. නෑ. නෑ. මම බහිනවා කියූ ඔහු බසයෙන් බැස ගත්තේ. තමන් ගැනම කෝපයෙනි.


ඔහු බසයට ගොඩවී ඇත්තේ තමන් වෑන් රථයේ පැමිණි බව ඔහුට අමතක වූ නිසාය.



අදහස් (0)

ගෙදරින් ටවුමට ආ හැටි අමතක වී මුදලාලි අලි අමාරුවක වැටිලා

සංගීත් Tuesday, 03 February 2015 04:54 AM

මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

දිනුෂ Thursday, 05 February 2015 01:28 PM

අයියෝ මෙයාට වෙච්ච දෙයක්.(හේ)

:       0       0

සුරාජ් Tuesday, 03 February 2015 06:20 AM

මේකට බෙහෙතක් ගත්තානම් හොදයි නේද?(හේ)

:       0       0

සුජිත් Tuesday, 03 February 2015 06:20 AM

මේක විහිළුවක් නෙවෙයි භයානක රෝගයක මුලික ලක්ෂණයක් විය හැකිය කියලා මම කියවලා තියෙනවා.(හේ)

:       0       0

සෑම් Tuesday, 03 February 2015 06:41 AM

වසර කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්තයේ කෑන්ස් නගරයේ මහලු යුවලක් වාහනය නැවතුම්පොලෙහි නවත්වා කඩේ ගොස් ආපසු පැමිණ බැලුවිට වාහනය අතුරුදහන් වෙලා. පසුව වාහනය නැතිවූ බවට රක්ෂණ වන්දි ගෙන අලුත් වාහනයක් ලබාගෙන එම වෙළඳ සංකීර්නයටම ගිය විට ඔව්න්ගේ පරණ කාරය දකින්න ලබුනාලු. එවිටයි ඔව්න්ට මතක් වී ඇත්තේ එදා වාහනය නැවැත්වූ තැන ඔව්න්ට අමතක වීමෙන් සොයාගැනීමට බැරි උනා මිසක් වාහනය කව්රුවත් හොරකම් කරලා නැති බව. මේ පුවතේ විශේෂත්වය නම් පැය දෙකක කාලයකට නැවත්වීමට අවසර ඇති නැවතුමේ මාසයක් නවත්වලා තිබිලත් දඩයක් නොලැබීම කියලයි මේ රටේ මාධ්‍ය වල පලවුනේ. (නදී)

:       0       0

අචිරා Tuesday, 03 February 2015 04:54 PM

මටත් ඔහොම දෙයක් උනා ලඟදි. මම තාත්තත් එක්ක ස්කොලේ ගියා අපේ ප්‍රාඩෝ එකෙන්. මට පීසා එකක් අරන් දෙන්න තාත්ත බැහැල ආවා. පසුව ගිහින් බලන කොට අපේ ප්‍රාඩෝ එක අරන් යනවා වෙන කෙනෙක් එයාගේ බෙන්ස් එක තියල. පස්සේ අපේ තාත්ත ඔෆීස් ගියේ ලක්ෂරි කැබ් එකක් හයර් කරලා (නදී)

:       0       0

නාමල් Tuesday, 03 February 2015 08:42 AM

මටත් වුනා ඕකම ,ටෝකියෝ ගුවන් තොටුපොළේ පර්කින්ග් එකේ වාහනේ දලා ලංකාවට අාවා සතියකට , ලංකාවේ වැඩ ඉවර කරලා ටෝකියෝ ඇවිල්ල කෝච්චියෙන් ගෙදර අාවා ,මගේ බිරිද වාහනේ කොහෙද කියලා අහනකම් දන්නේ නැහැ , හිතුවේ වාහනේ ගෙදර කියලා.(හේ)

:       0       0

තිලක් Tuesday, 03 February 2015 05:47 PM

අයෙක් තම බිරිඳත් සමග මෝටර් බයිසිකලයෙන් නගරයට ගියා. බිරිඳ ගෙදරට අවශ්‍ය බඩු ගනිද්දී සැමියා ගියා පොඩි ෂොට් එකක් දා ගන්න. එතැනදී යාලුවෙක් හමුවුනා. යාළුවා කිව්වා මචන් මම මේ උඹලගේ ගෙදර යන ගමන් උඹට බෝතලයක් ගන්න කියල ආවේ. මේ සතුටට හා හරි හරි එහෙනම් යමු කියල යාලුවත් දාගෙන ගෙදර ගියා. ගෙදර ගිහින් දෙන්න එක්ක බෝතලේ බාගයක් විතර ඉවර කරන කොට බිරිඳ ත්‍රී රෝද රථයක ගෙදර ආවා. ඇවිත් කියපුව ඔයාල හිතා ගන්නකො. (නදී)

:       0       0

කළණි Thursday, 05 February 2015 12:53 AM

මම දන්නා විදුහල්පති කෙනෙක් හිටියා. නෝනා එක්ක ටවුමට යනවා. ගෙදර ආවහම ළමයි අම්මා කෝ කියලා ඇහුවමලු නෝනව මතක් වෙන්නේ. (නි)

:       0       0

සරත් Tuesday, 03 February 2015 12:25 PM

කමක් නැහැ මුදලාලි මාමේ. අයින්ස්ටයින් මාමටත් ඔය අමතක වෙන ලෙඩේ තිබුනනේ (නදී)

:       0       0

රසාදරී Thursday, 05 February 2015 10:48 AM

තැන තැන බෝම්බ පිපිරුණු හැටි දැන් ගොඩක් අයට අමතක වෙලා. (හේ)

:       0       0

අජිත් Tuesday, 03 February 2015 12:53 PM

අපේ ගෙදරට නයෙක් ඇවිත් ෆ්‍රිජ් එක යට (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1302 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1239 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 451 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site