IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ගෙදරට පිටුපා අනියම් බිරිඳට යුතුකම් කරන්න ගිහින් අතේ මාට්ටු වෙලා

ගෙදරට ගෑස් ටැංකියක් ගේන්න බෑ කී සැමියා අනියම් බිරිඳට ගෑස් ටැංකියක් ගැනීමට පෝලිමේ සිටියදී තම බිරිඳට අසුවීමේ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වෙයි.


සිද්ධිය මෙසේය.


තම නිවසේ ගෑස් ඉවරවීගෙන යන බැවින් ගෑස් ටැංකියක් ගැනීමට පෝලිමට යන ලෙස තම සැමියාට ඇය පැවසුවාය. එහෙත් ඔහු පැවසුවේ ගෑස් ටැංකිය ඉවර නැති බැවින් හදිසියේ ගෑස් සොයන්න පෝලිම්වල ඉන්න අවශ්‍ය නැති බවත් ඉදිරි දිනවල ගෑස් එන බැවින් කලබල නොවිය යුතු බවත්ය.


ඔහු පසුදින රැකියාවට ගියේය. එහිදී ඔහුට අනියම් බිරිඳගෙන් දුරකථන පණිවිඩයක් ලැබුණි. ‘‘ගෑස් ඉවර වුණා. ගෑස් ටැංකියක් ගෙනත් දෙන්න කියා ගෑස් තිබෙන ස්ථානයද ඇය පැවසුවා. එම ස්ථානය කිලෝමීටර් 8ක් පමණ දුරකින් යුතු ගෑස් අලෙවි නියෝජිත ස්ථානයකි.
කෙසේ නමුත් සේවයේ යෙදී සිටි ඔහු සවස්වරුව නිවාඩු ලබාගෙන අනියම් බිරිඳගේ නිවසට ගොස් හිස් ටැංකියද ලබාගෙන තම යතුරුපැදියෙන් අදාළ ස්ථානයට ගියේය. එහි දිගු පෝලිමකි. අනතුරුව පෝලිමේ සිටි ඔහු තම වාරය පැමිණෙන තෙක් රැඳී සිටියේය.
ඒ වනවිට උදේවරුවේ පෝලිමේ සිටි අයට ගෑස් නිකුත් කරමින් තිබිණි. පෝලිමේ සිටියදී මොහුගේ අසල්වැසියකු ගෑස් ලබාගෙන යන ගමන් මෙම පුද්ගලයාටද කථා කළේය.


තමා ගෑස් ගැනීමට පැමිණි බව ඔහු කීය.
අසල්වැසියා ගෑස් ලබාගෙන නිවසට යන අතුරතුරදී පෝලිමේ සිටි පුද්ගලයාගේ නිවස ඉදිරිපිටින් යන ගමන් එම පුද්ගලයාගේ බිරිඳ ඉදිරියට පැමිණ ගෑස් තිබෙන්නේ කොහේද යැයි විමසුවාය.


ඇයි ඔයාගේ මහත්තයාත් පෝලිමේ ඉන්නේ. මම කථා කරලනේ ආවේ. අහවල් තැන ගෑස් තිබෙනවා යැයි පැවසීය.
කලබලයට පත් බිරිඳ තම ස්වාමියා සොයා ගියාය. ඒ වනවිට ගෑස් පෝලිමේ සිටි ඔහු ළඟට ගිය බිරිඳ ‘‘තමුසේ කාටද ඕයි ගෑස් ගන්න ආවේ’’ තමුසෙට ගෙදරට එකක් ගේන්න කිව්වාම නිවාඩු නැහැ කීවා.’’ යැයි තරහෙන් යුතුව ඇය පැවසුවාය.


තැනට සුදුසු නුවණ පහළ වූ ඔහු මෙසේ පැවසීය.
‘‘කෑ ගහන්න එපා. මම වැඩකරන තැන බොස් මට කීවා ගෑස් එකක් ගෙනත් දෙන්න කියල. රාජකාරි නිවාඩුවක් එක්ක මගේ අතටත් රුපියල් දාහක් වැඩිපුරත් දුන්නා.


ගෑස් පෝලිමේ සිටි අයටත් සිනා පහල විය. කෝපයට පත් බිරිඳ ‘‘හොඳයි මම බලාගන්නම්කෝ’’ යැයි පවසමින් යන්නට ගියාය.



අදහස් (0)

ගෙදරට පිටුපා අනියම් බිරිඳට යුතුකම් කරන්න ගිහින් අතේ මාට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 716 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17943 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site