IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගෙදරට ගල්ගැසූ භූතයා ගෙදරම ඉඳලා

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
සතියක පමණ කාලයක සිට රාත්‍රී කාලයේ නිවෙසකට ගල් ගසමින් වැලි ගසමින් සිටි භූතයකු නිවැසියන්ට අල්ලා දීමට දඹුල්ල නගරයට නුදුරින් පිහිටි කලුන්දෑව ගම්මානයේ තරුණයන් පිරිසකට හැකිවී තිබේ.


දඹුල්ල කලුන්දෑව ප්‍රදේශයේ නිවෙසක රාත්‍රී 9.00 සිට අලුයම් කාලය දක්වා අවස්ථාවෙන් අවස්ථාවට ගල් ප්‍රහාර එල්ලවීම, වැලි ප්‍රහාර එල්ලවීම සහ නිවෙස තුළ ඇති බඩු භාණ්ඩවලට ද හානි සිදුවී ඇති අතර නිවැසියන් මේ හේතුවෙන් දැඩි භීතියට පත්ව සිට තිබේ.


මෙම කතාව නිසා ප්‍රදේශයේ අනෙකුත් නිවෙස්වල නිවැසියන් ද දැඩි බියට පත්ව තිබේ.


නිවෙසට ඉහළින් ගල් කැට වහලය මතින් නිවෙස තුළට වැටෙන බවත් එහෙත් නිවෙසේ වහලය කිසිදු පළුදු වීමකින් තොරව වහලයට ගලක් වැටෙන හඬ පමණක් ඇසෙන බවත් ඒ සමග නිවෙස තුළ ගල් කැබැලි දැකගැනීමට හැකිවන බවත් වහලය මතට වැලි වැටෙන ශබ්දය ඇසුණු සැණින් නිවෙස තුළට වැලි වැටෙන බවත් එහෙත් නිවෙසේ වහලයට කිසිදු හානියක් සිදු නොවීම බරපතළ සැකයක් වී තිබිණි.


  භූතයකු නිවෙසේ රැඳී සිටින බවට කටකතා පැතිර යෑමත් සමග නිවැසියන් පසුගිය සති කිහිපයේම භීතියකින් යුතුව ජීවත්ව ඇතැයි ප්‍රදේශවාසීහු කියති.


පසුව කලුන්දෑව ගමේ තරුණයන් දහදෙනකු පමණ ඒකරාශී වී මෙම භූතයා පිළිබඳව සොයා බැලීමට පසුගියදා රාත්‍රී කාලයේ නිවැසියන් සමග නිවෙසේ රැඳී සිට ඇත.


දැඩි විමසිල්ලෙන් සිටි තරුණයන් නිවෙසේ සිටියදීම රාත්‍රී මෙන්ම අලුයම් කාලයේදීත් නිවෙස තුළට ගල් කැට වැටී තිබේ.


එක් තරුණයකු ඉතා සූක්ෂම ලෙස විපරමෙන් සිටියදී එම නිවෙසේම කාමරයක නැවතී සිටින නිවැසියන්ගේ ඥාති තරුණයකු පිළිබඳව සැක සිතී ඇත.


ඒ අනුව අනෙකුත් අය ස්ථානයෙන් පිටව යන බව පවසා සැඟවී ඒ දෙස බලාගෙන සිටි බව ගම්වාසීහු කියති.


එවිට කාමරයේ නැවතී සිටින පුද්ගලයා එක වරම ගල් අහුරක් ගෙන නිවෙස තුළ සිටම නිවෙසේ වහලයට විසි කරනවාත් සමගම සැඟවී සිටි තරුණයන් ඔහුව අල්ලාගෙන අනෙක් අයට ද කතා කොට භාරදී තිබේ.


පසුව තරුණයන් මෙම නිවෙසේ රැඳී සිටි තරුණයාගේ නිදාගෙන සිටි මෙට්ටය යට සහ කොට්ට යට පරීක්ෂා කිරීමේදී ඔහු දිවා කාලයේ රැගෙන විත් සඟවා තිබූ ගල් කැට සහ වැලි සොයාගත් බව තරුණයෝ කියති.


මෙම නිවෙසේ තරුණියන් දෙදෙනකු සහ මවුපියන් ජීවත් වන බවත් මෙම තරුණයා වෙනත් බලාපොරොත්තුවකින් නිවැසියන් බිය වැද්දීම සඳහා මෙය සිදුකරන්නට ඇතැයි එම තරුණයෝ චෝදනා කරන්නට වූහ.


පසුව නිවැසියන්ගේ මෙන්ම ගමේ බොහෝ දෙනකුගේ ද බිය තුරන් විය. මෙම පුද්ගලයා දඹුල්ල පොලිසියට භාරදීමට පියවර ගත් අතර නිවැසියන් සහ පොලිසිය සාකච්ඡා කොට ඔහු එම ගමෙන් පිටත් කිරීමට පියවර ගෙන තිබේ.



අදහස් (1)

ගෙදරට ගල්ගැසූ භූතයා ගෙදරම ඉඳලා

shariyaa Sunday, 16 June 2019 10:18 AM

මෑන් මොකක් හරි අන්ඩර් ග්‍රවුන්ඩ් වැඩක් දෙන්න තමයි ඉඳලා තියෙන්නේ. මාර පොරක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site