IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ගණදෙවි නුවණින් දවල් තරු පෙනිලා


කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



හොරාගේ ගණ දෙවි නුවණින් ගෙහිමි කතට දවල් තරු පෙණුනු කතාවක් දකුණේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
නගර මධ්‍යයේම පිහිටි නිවසකි. බස් පොළට අඩි කිහිපයකි. දුම්රිය නැවතුම් පොළට ද එය එසේමය. මේ නිසා බොහෝ රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවය කරන්නෝ නිවසේ සිට එන යතුරු පැදි මේ නිවසේ මිදුලේ සහ අගුපිලේ දමා යති. හදිසි අවශ්‍යතා සඳහා නගරයට එන ඇතැම් අයද මේ අතරය. මේ නිසා සැමදාම පාහේ මේ නිවසේ මිදුලේ සහ අගුපිලේ අනුන්ගේ යතුරුපැදි ගාල් කර තිබෙනු දක්නට ලැබේ.
සතියේ දිනවල එය වැඩිය. මේ නිවැසියන් සිය මිදුල සහ අගුපිල මේ සඳහා දෙනුයේ කුලියක් මලියක් බලාගෙනම නොවේ. දන්නා හඳුනන අයට කරන උදව්වක් උපකාරයක් ලෙසය. ඒ නිසාම මෙහි දන්නා හඳුනන අය සිය යතුරු පැදි නතර කර දමා යති. එසේ දමා යන යතුරු පැදි කාගේ ඒවාදැයි ඔවුන් නොදන්නේ ඒ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බැවිනි.


එදා සිය අගුපිල පැත්තෙන් ශබ්දයක් ඇසුණු නිසා රැකියාවට නොගොස් නිවසේ සිටි ගෙහිමි කත කුස්සියේ දොර ඇරගෙන ශබ්දය ඇසුණු පැත්තට ගියාය. ඒ සමගම ඇය දුටුවේ හොඳට ඇද පැලඳ ගෙන ගමන් මල්ලක් කරේ දමාසිටි තරුණයෙකි. ඔහු නවතා තිබූ යතුරු පැදියක් පණ ගැන්වීමට උත්සහා දරමින් සිටිනා බව ඇය දුටුවාය. ඒ සමගම ආ අක්කා අද වැඩට ගියේ නැද්ද. ‘‘මට හරි වැඩේනේ වුණේ. මගේ බයිසිකලේ යතුර නැතිවෙලා මම මේ උත්සාහ කරන්නේ එය පණගන්වන්න. අනේ අක්කේ තරහ නැතිව මට පොඩි පිහියක් දෙනවද, පොඩි වැඩක් කරලා ස්ටාට් කර ගන්න පුළුවන්. පිහියක් නැතිවයි හිටියේ.
නිවසට දිව ගිය අක්කා මේ මලයාට පොඩි පිහියක් ගෙන දුන්නේ තමන් දුන් පිහි පොඩිය නිවසේ ඉදිරිපිට තියා යන ලෙසද ඉල්ලමිනි. අනේ අක්කේ ඕක මොකක්ද? එක පිහියට පිහි දෙකක් දෙන්නම් කියා මලයා යතුරු පැදියේ වයර් කිහිපයක් කපා යතුරු පැදිය පණ ගන්වාගෙන ගියේය.
 එදින හවස් භාගයේ රාජකාරිය අහවර කර පැමිණි තවත් මල්ලි කෙනෙක් මේ නිවසේ අගුපිලේ නතර කර ගිය යතුරු පැදිය නැතැයි කියමින් නිවෙස් හිමි අක්කාට කීවේය. මොකක් මල්ලී මම අද ගෙදරම නේ හිටියේ. කොහෝමද මම ඉන්දැද්දි ඔයාගේ බයිසිකලේ හොරකම් කරන්නේ යයි අක්කා කීවාය. යමුකෝ බලන්න කොයිහරියෙද බයිසිකලේ නතර කරලා තිබුණේයි අක්කා ඇසුවාය. මල්ලී තමන් යතුරු පැදිය නතර කර තිබූ තැන අක්කාට පෙන්නුවේය.
‘‘හරි වැඩේනේ මල්ලී, ඔතන තියෙන බයිසිකලේ කොල්ලෙක් ඇවිල්ලා එයාගේ බයිසිකලේ යතුර නැතිවෙලයි කියලා මගෙන් පොඩි පිහියකුත් ඉල්ලගෙන ඔතන තිබුණු බයිසිකලයක් ස්ටාට් කර ගෙන ගියානේ. කවුද දන්නේ ඔයාගෙද කියලා. දැන් ඉතිං පොලිසියට ගිහිල්ලා මේ ගැන පැමිණිල්ලක් දාන්න’’ යයි අක්කා කීවේ වෙන කරන්න දෙයක් නැති තැනය.

 



අදහස් (0)

ගණදෙවි නුවණින් දවල් තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1073 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site