IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගෝඨා ගේ කළු පටියෙන් බේරී ඇවිත් ගමට බහිද්දී අම්බානක කාලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි) 
ගාලු මුවදොර අරගල බිමේ අරගලකරුවන්ගෙන් බේරීමට බිම වැටී තිබූ ‘ගෝඨා ගෝ හෝම්’ කළු පටියක් හිසේ බැඳගෙන ඔවුන්ගෙන් බේරී ගමට ගිය පොදුජන පෙරමුණු ක්‍රියාකාරියකුට ගමේ ජනතාවගෙන් ලැබුණු ගුටි පූජාවකින් ඇඳි වතත් නොමැතිව ගෙදර යාමට සිදුවූ පුවතක් කුරුණෑගලට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 


ප්‍රදේශයේ පිරිසක් සමග පසුගියදා  අරලියගහ මැදුරට ආ මෙම ක්‍රියාකාරිකයා ඔවුන් හා එක්ව අරගල බිමට ගොස් ගෝඨා ගෝ ගම බිමේ අරගලකරුවන් එම පුද්ගලයාට පහර දීමට යාමේ දී ජනතාව අතරට දිව ගොස් පාරේ වැටී තිබු ‘ගෝඨා ගෙදර යනු’ වැකිය සඳහන් රෙදි පටියක් හිසේ බැඳ ගත්තේ තැනට නුවණ පාවිච්චි කරමිනි. ඉන්පසු ඔහු අරගලකරුවන්ගෙන් බේරී කොළඹ සිට බස් රථයකින් කුරුණෑගලට නුදුරු ගම්මානයට නිරුපද්‍රිතව පැමිණියේ සොම්නසිනි. 


කෙසේ වෙතත් ගෝල්ෆේස් සිදුවූ සිද්ධිය දැනගෙන ඒ වනවිට පාරේ රැකවල්ලා සිටි ප්‍රදේශයේ ජනතාව මෙම පුද්ගලයා බසයෙන් බසිනු දැක හොඳ ගුටි පුජාවකින් සංග්‍රහ කළහ. 


අනතුරුව ඔවුනට වැඳ වැටී දිවි බේරාගත් ඔහු ඇඳිවත ද නොමැතිව යට ඇඳුමෙන් රෑ බෝ වනතුරු කැලෑබද පෙදෙසක රැඳී සිටියේ වෙන කළ හැකි දෙයක් නොමැති හෙයිනි. පසුව නිවෙස කරා ගොස් දින කීපයක් ගෙදරින් එළියට වත් නොබැස සිටියේ පිරිස නිවෙසට ඒදැයි බියෙනි. 

 



අදහස් (0)

ගෝඨා ගේ කළු පටියෙන් බේරී ඇවිත් ගමට බහිද්දී අම්බානක කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site