IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ගෙට රිංගූ නයා රන් බඩුත් අරන් මාරු

(අනුරාධපුර බී.ජී. චතුරංග)
නිවසට ඇතුළු වූ සර්පයකු එළවා දැමීමට උදව් ඉල්ලූ අවස්ථාවේ එහි පැමිණි පිරිස සර්පයා එළවා දමා පිටවී ගිය පසුව රන් ආභරණ කිහිපයක් අස්ථානගතවී ඇති බව කියමින් අනුරාධපුරයේ කාන්තාවක අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.


 අනුරාධපුර කුලී නිවසක පදිංචිව සිටින අවිවාහක කාන්තාවක් වන ඇය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර අස්ථානගත වූ රන් ආභරණ තොගයේ වටිනාකම රුපියල් තිස්දහසකි. 


රෝගීවී සිටි සිය සහෝදරයා සමග නිවසට පැමිණ දොර විවෘත කළ අවස්ථාවේ නිවස තුළ සර්පයෙකු සිටින අයුරු දැක නිවස ආසන්න මාර්ගයේ සිටි පිරිසකගෙන් උදව් ඉල්ලූ බවත් ඒ අවස්ථාවේ නිවස ආසන්නයේ මාර්ගයේ වැඩ කරමින් සිටි පිරිසක් පැමිණ සර්පයා එළවා දැමූ බවත් ඔවුන් නිවසින් පිටව ගොස් මද වේලාවකට පසුව නිවසේ තිබූ රන් ආභරණ සොයද්දී ඒවා තිබූ තැන නොතිබූ  බවත් ඇය පොලිසියට කීවාය.


 රුපියල් තිස් දහසක් වටිනා රන් පෙන්ඩනයක්, මුදු දෙකක් හා කරාබු යුගලක් අස්ථානගතවී ඇති බවට ඈ පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබූ අතර සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී නැත.


 සර්පයා එළවා දැමීමට පැමිණි මාර්ගයේ සේවය කළ පිරිස සොරකම සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් පොලිසියට සැක මතු වී ඇත. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සොරකම සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ සිදුකරයි. 

 



අදහස් (0)

ගෙට රිංගූ නයා රන් බඩුත් අරන් මාරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1703 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1421 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site