IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ගෙට ගොඩවෙද්දී කුණු බල්ලා කීවැයි සැමියාගෙන් බිරියට ගුටි

(තිහගොඩ - උපසේන ලියනගම)
ග‍්‍රාමීය උප නගරයක් ආසන්න පොලිස් ස්ථානයකට පසුගියදා කාන්තාවක් තම දරුවා සමඟ උදෑසනම දිවගෙන ආවේ තමාට සැමියා පහර දුන් බවට පැමිණිල්ලක් කිරීමටය. එය ලියා ගැනීමට පෙර තොරතුරු විමසත් දී පහර දුන් සැමියා ද එතැනට ආවේය.


‘‘මම වැඩ ඇරිලා හැන්දෑවේ ගෙදර ආවම මේ මනුස්සයා හේතුවක් නැතුව මට කුණු බල්ලා කිව්වම මට තරහා ගිහින් දෙකක් ඇන්නා’’ ඔහු කීවේ නිදහසට හේතු වශයෙනි.


‘‘අනේ රාලහාමි, එදා හවස ගේ ඇතුළට දෙසැරයක්ම කුණු බල්ලෙක් ආවා. මම දොර වැහුවේ ඒකයි. හැන්දෑවේ දොරට තට්ටු කළාම මම හිතුවේ අර කුණු බල්ලා ආයේ ඇවිත් කියලයි. මම පුතාට කිව්වා ඔන්න පුතේ ආයෙත් කුණු බල්ලා ඇවිත් කියලා. මේ මනුස්සය ඇවිත් හිටියේ බීගෙන. දොර ඇරපු ගමන් මගේ ඔළුවටයි මූණටයි ගහගෙන ගහගෙන ගියා නේද පුතේ.’’ කී විට දරුවා ද හිස ඉහළට පහළට සෙලවූයේ බියෙනි.


කරුණු තේරුම් ගත් පොලිස් නිලධාරියා, තිදෙනාම පොලිස් ස්ථානාධිපතිවරයාට යොමු කළ විට සිිහිබුද්ධියෙන් වැඩ කරන්නැයි කියා ඔවුන් සමඟි කොට ගෙදර යැවුවාලූ. 



අදහස් (0)

ගෙට ගොඩවෙද්දී කුණු බල්ලා කීවැයි සැමියාගෙන් බිරියට ගුටි

බණ්ඩාර Friday, 27 February 2015 02:00 PM

අයියෝ වෙච්ච දෙයක්.(හේ)

:       0       0

ආනන්ද Friday, 27 February 2015 03:29 PM

ඕක මොකක්ද නිල්මල්, හොර යතුරකින් දොර ඇරගෙන ගෙවල් වලට එන බල්ලොත් ඉන්නවා අද රටේ.(හේ)

:       0       0

ගුණවර්ධන Friday, 27 February 2015 07:07 PM

නිල්මල් ගේ කතාව හරි බල්ලෝ කවදද ගෙවල් වලට තට්ටු කරන්නේ මිනිසුන් වගේ.(නදී)

:       0       0

බමුණු ආරච්චි Saturday, 28 February 2015 01:53 PM

බල්ලා දොරළඟ ඉඳගෙන නැට්ට වැනුවොත් ඇතුළේ සිටින කෙනාට දැනෙන්නේ දොරට තට්ටු කරනවා වගෙයි. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 27 February 2015 05:03 AM

බීගෙන ගෙදර එන මනුස්සයට ඔහොම කියන්නේ නැතිව වෙන මොනවා කියන්නද. (නදී)

:       0       0

තරිඳු Friday, 27 February 2015 05:16 AM

හරි ඉතින් ටිකක් බිව්වට කුණු බල්ලා කියන්ඩ ඕනේ නැහැනේ එක්කෝ බේබද්දා කිව්වනම් කමකුත් නැහැ (නදී)

:       0       0

පිටිගල Friday, 27 February 2015 05:55 AM

අනික ඉතින් පාරක් දෙකක් ගහපු පමණින් පොලිසි ආවේ අැයි? දැන් කොහොමද පවුල් කන්නේ? (බ)

:       0       0

ගාමිණී Friday, 27 February 2015 06:01 AM

බේබද්දා නැත්නම් කලවැද්ද හරි කියන්න තිබුන කුණු බල්ලා නොකියා (බ)

:       0       0

නිල්මල් Friday, 27 February 2015 06:10 AM

බල්ලෝ දොරට තට්ටු කරන්නේ මොන රටේද? (බ)

:       0       0

රොෂාන් Saturday, 28 February 2015 04:51 AM

නිල්මල් ලංකාවේ බල්ලෝ දොරට තට්ටු කරනවා මමත් දවසක් රෑවටුනා බල්ලා දොර ළග ඉදගෙන නෑට්ට වනනවා එ්ක දොරේ වදින්නේ හරියට දොරට කවුරු හරි ගහනවා වගේනේ (බ)

:       0       0

ගමගේ Sunday, 01 March 2015 02:52 AM

අපේ රටේ ගොඩක් පවුල් වල ප්‍රශ්න වලට පළවැනි හේතුව ගෑනුන්ගේ කට. අනිත් කාරනය පිරිමි කිසිම ප්‍රයෝජනයක් නැති ජරාව කටේ හලන් ගෙදර එන එක. එයාලා නියම පිරිමි කියලා හිතන එකයි මෙතන තියෙන ප්‍රදාන ප්‍රශ්නය. මොන දේ උනත් ගැහැණු උදවියට පුළුවන් තමාගේ පිරිමියාව වෙනස් කර ගන්න. එ්ත් අපේ රටේ ගැහැණු එ්ක දන්නේ නැහැ. එ්ක කරන්නේ කොහොමද කියලා (නදී)

:       0       0

දුමින්ද Monday, 02 March 2015 05:35 AM

මතකද කලවැදි කතාවක් නිසා පැරදුන ජෙනරාල් වරුත් මේ රටේ හිටියා (නදී)

:       0       0

ඇසිලින් Friday, 27 February 2015 12:17 PM

කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 608 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 515 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site