කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
හීනෙන් ගංගාවක් ගැන දොඩවා මහ රෑ අඹුවගෙන් ගුටි කා නිවසින් යාමට සිදුවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
කාර්යාල සේවකයෙකි.විවාහකයෙකි. හීන් මනමාලයෙකි. කාර්යාලයේම සේවිකාවක් සමග ඇයි හොඳයියක් ගැන කතාවක්ද ඔහු ගැන පැතිර ගියේය.එය හිමින් නොවේ.නිවසටද ඔය ආරංචිය ගොස් තිබුණේය.
ඔහුගේ නෝනා මේ ගැන සිටියේ හොඳ සෝදිසියෙනි. සිය සැමියාගේ හොරය අල්ලා ගැනීමට ඇය මානබලමින් සිටියේ කාලයක සිටය. එහෙත් ඇයට කොනක් අල්ලා ගැනීමට නොහැකි විය. ඒත් ඇය සිය උත්සාහය අත්නොහැරියාය. තමා සැමියාගේ ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිටින්නේ යැයි ඇය දන්නා බවද දන්වා සිටියේ ව්‍යංගවය. වහෙන් ඔරෝය.
එදා නින්දට ඔහු ගියේ අඩියක් පුඩියක් ගසාය. වැටුණු ගමන් නින්දට ගිය ඔහු ගංගා, අනේ ගංගා යයි මහ හඬින් කෑ ගැසුවේය. ඒ හඬින් භාර්යාවට ද ඇහැරුනේය.ඔහු නැවත වතාවක්ම ගංගා,අනේ ගංගා යයි කියමින් මර ළතෝනි දුන්නේය. ඒ සිහිනෙනි. ඒ සමගම ආවේශවූ භාර්යාව සයනයේදීම ඔහුට සිය අත් පා වලින් තඩි බෑවාය.මේ කිසිවක් නොදත් ඔහු ඇහැරුණේ භාර්යාවගේ තඩිබෑම මධ්‍යයේය.කම්මුල සහ අත්පා රිදුම් දීමත් සමගමය.
අද මට තමුෙසගේ හොරේ අහුවුණා. දැන් ඒකි රෑට රෑටත් හීනෙන් පේනවානේ දැයි කියමින් ඇය ඔහුට තවත් තඩි බෑවාය. මේ කරදරය තවත් ඉවසීමට නොහැකිවූ ඔහු මහ රෑම නිවසින් පැන ගියේ භාර්යාවගේ පහර කෑමෙන් වැළකීමටය.
මහ රෑම ඇය සිය මවුපියන්ට ජංගම දුරකතනයකින් කීවේ සිය සැමියා කාර්යාලයේ සේවිකාවක වන ගංගා කුමාරි සමග පවත්වාගෙන ගිය සම්බන්ධය අද අතටම හසුවු බව කියමින් සිය නිවසට එන බව පවසමිනි.
ඇත්තටම ඔහු හීනෙන් දෙඩවූවේ කාර්යාලයේ සේවය කරන ගංගා ගැනද නැත්නම් වෙන ගංගා කෙනෙකු ගැන දැයි දන්නෙ ඔහු පමණලු.
2025 නොවැම්බර් මස 04
96
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
“ගංගා“ හීනෙන් පෙනී බිරිඳගෙන් ගුටි කාලා