කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
තමාගෙන් කාබී ඡන්දය වෙනත් අයකුට දුන් අයකු හඳුනා ගැනීමට දකුණු ලකේ පළාත් පාලන ආයතනයක නව සභාපතිවරයා වැඩ භාර ගැනීමේ උත්සව අවස්ථාවේදී හැකිවූ පරාජිත අපේක්ෂකයකු පිළිබද කතාවකි මේ.
ලෝස් නැති කොල්ලෙකි. හිත හොඳ එකෙකි. සිටියේ ගමේ කොල්ලන් එක්කය. මේ නිසාම එක් ප්‍රධාන පක්ෂයක් ඔහු එම කොට්ඨාසයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළේය.
ඒ ඔහුගේද කැමැත්ත පරිදිය. එයට එක් විශේෂ හේතුවක්ද නොතිබුණාම නොවේ. වෙනත් ප්‍රබල පක්ෂයකින් සභාපති ලෙස නම් කිරීමට සිටි කෙනාද ඡන්දය ඉල්ලුවේ එම කොට්ඨාසයෙන් වීම එයට ප්‍රබල හේතුවකි. ජනප්‍රිය අතින් ගමේ ඉදිරියෙන්ම සිටියේ ඔහුවීම ද අතුරු හේතුවකි.
ඡන්දයට ආගන්තුක මේ කොල්ලා තමා හැප්පෙන්න යන කෙනා සුළුපටු කෙනකු නොවන බව ද තේරුම් ගත්තේය. අතපය දිගහැර වියදම් කළේ එය සාක්ෂාත් කිරීමට මෙන්ය. වැඩිමනත් වියදම් කළේ ගමේ කොල්ලො, කෙල්ලන්ටය. කෑම බීමටය. ඒ අතරින් එක් අයෙක් ඔහුගේ නිවසේ නැවතීම කෑවේය, බිව්වේය. මැතිවරණය නිමාවිය. ඔහු උඩින් පරාදය. අනෙකා දිනුම්ය. දිනුවේ උඩින්මය. ඔහුට කිට්ටුවීමට වත් බැරි පරතරයකින් කොල්ලා පරාදය. එහෙත් ඔහු ගත් මනාප ප්‍රතිශතය අනුව පක්ෂයෙන් ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් පුජා කළේය.
සභාපති වැඩභාර ගැනීම පැවතියේය. ඒ අදාළ පළාත් පාලන ආයතන සභාපති නිල කාමරයේදීය. ඒ අවස්ථාවට ගිහි පැවිදි විශාල පිරිසක් ද එක්ව සිටියහ. සභාපතිවරයා වැඩභාර ගත්තේය. ඊ ළඟට පැවතියේ නව සභාපතිට සුබ පැතීමය. ඒ සඳහා විශාල පිරිසක් එක්වී සිටියහ. කාටවත් පිටුපස බැලීමට උවමනාවක් ද නොවීය. ඒ අවස්ථාවේදී කවුරු කවුරුත් බැලුවේ අතට අතදී නව සභාපතිට සුබපතා ඒ වෙනුවෙන් සකසා තිබූ සියල්ලෙන් සපිරි කෑම මේසයේ රස බැලීමටය.
සෙනඟ අතරින් ගිය මේ තැනැත්තාද නව සභාපතිවරයාට අතට අත දී සුබ පැතුවේය. ඒ නිකම්නම් නොවේ. සභාපතිතුමා ඔන්න මම ඇතුළුව අපේ පවුලේ සියලුදෙනාම යුතුකම හරියටම ඉටු කළා. අපි ඉතිං නියමෙට තිතටම ඡන්දය දුන්නා යයි ද කීවේය. ඒ එක්කම පිටුපසින් සිටි අයකුගේ අතක් ඔහුගේ කරමතය. ඒ පොඩි තට්ටුවක් සමගිනි. ඔහු ආපසු හැරී බැලුවේය. දෙයියනේ තමා ඡන්දය දෙනවා යයි කියමින් කණ පැලෙන්න කාබී වැටී සිටි පැරදුණු අපේක්ෂකයාය. ඒ සමගම ඔහුට තරු පෙනුණේය. සෙනඟ අතරින් ඔහු හෙමිහිට එතනින් ලිස්සා ගියේ තේ මේසය දිහා කෙළගිල ගිලය.
2025 ඔක්තෝබර් මස 08
1572
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කා බී පොලු තියා අතටම මාට්ටු වෙලා