IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කොළඹ වැද්දෝ දඹානේ ගිහින් මගදි කොටුවෙලා

(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
වර්තමාන තරුණයා හා වැදි තරුණයා අතර වෙනස හඳුනාගැනීමට වැඩිහිටි යුවළකට නොහැකි වීමේ පුවතක් පසුගියදා මැද මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය.


මහනුවර-මහියංගණය මාර්ගයේ මැදමහනුවර සිට දහඅට වංගුව දක්වා මග ප්‍රදේශය විනෝද චාරිකා යන අය මදක් විවේක ගනිමින් සොබා අසිරිය නරඹමින් ආහාර ලබා ගැනීමට හෝ තේ පානය කිරීමට යොදා ගැනීම සිරිතකි.


මෙම මාර්ගයේ එවැනි සේවා සපයන කුඩා  කඩ සහ විශාල හෝටල් ඇති අතර ලුණුමිරිස් සමග රොටී කා හකුරු සමග කහට බීම කා අතරත් ජනප්‍රිය දෙයකි.


මෙවැනි එක් කුඩා කඩයක් හුන්නස්ගිරියට ආසන්නයේ පවත්වාගෙන යනු ලබන්නේ වැඩිහිටි යුවළක විසිනි.


මෙම කඩයට පසුගිය දවසක විනෝද චාරිකාවක් ආ තරුණයන් පිරිසක් ලුණුමිරිස් සමග රොටි ආහාරයට ගනිමින් හකුරු සමඟ තේ පානය කරන්නට වූහ.


තේ පානයෙන් පසු ඔවුන් කොළඹ සිට පැමිණි බවත්, මහියංගණය බලා යන බවත් සොරබොර හා ආදිවාසින්ගේ ගම්මානයට යන මාර්ගය සම්බන්ධයෙන් වෙළඳසලේ සිටි වැඩිහිටි යුවළගෙන් විමසන්නට වූ අතර ඒ සඳහා ඔවුහු මෙසේ පිළිතුරු දුන්හ.


“අපි නම් හිතුවේ මහත්තයලා දඹානේ ඉඳන් එන අය නුවර යන ගමන් තේ බොන්නට ආවා කියලයි. මහත්තයලා කොණ්ඬේ වවල ගෙඩියකුත් බැඳලානේ. තව රැවුළත් වවල දිගට දිගේ. ඇත්තටමු අපි හිතුවේ විහිළුවට මයියංගනේට යන පාර අහනවා කියලයි. ඒත් බැලුවම ඇඳුමේ විතරයි වෙනසක් දැක්කේ” යයි කීවේය.


මෙය ඇසූ තරුණ පිරිස මුහුණෙන් මුහුණු බලා ගන්නට වූ අතර තමන් ලබාගත් ආහාරවලට අදාළ මුදලටත් වැඩි මුදලක්  වැඩිහිටි යුවළ අත තබා හීන් සීරුවේම මහියංගණය බලා පිටත් වන්නට වූහ.

 



අදහස් (2)

කොළඹ වැද්දෝ දඹානේ ගිහින් මගදි කොටුවෙලා

Mangala Saturday, 08 December 2018 01:44 PM

මේ කථාවේ මම නම් දකින්නේ විහිලුවක් නෙවෙයි. අපේ රට මොනතරම් අපේ දේවල් වලින් ඈත්වෙලාද කියන එක මෙතන හොඳින්ම පේනවා. 1505දී පරංගි අපේ රටට ගොඩබහිද්දී අපේ රට වැසියෝ ලස්සනට කොණ්ඩා සහ රැවුල් වවලා, හරි අගේට ඉන්න ඇති. මොකද අපේ රටේ ඇතිතරම් වතුර තියෙන නිසා නාන්න පිරිසිදු වෙන්න පුලුවන්... නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ...? අපේ ආකල්ප ගතිසිරිත් ඔක්කොම වෙනස් වෙලා නේද? රැවුල කොණ්ඩෙ වවපු නිසා වැද්දා වුනා, නමුත් කලිසම නිසා මහත්තයා වුණා. 1505 ඉඳන් අපේ මිනිස්සුත් ලස්සනට වවපු කොණ්ඩා සහ රැවුල් කපලා සුද්දො වගේ මුඩුමයින් වුණා.. කලිසමට මහත්තයා සරමට ගැමියා, කොණ්ඩා සහ රැවුල් වලට වැද්දා නැත්නම් ගැමියා. මේ කඩේ ජෝඩුවත් ටිකක් හරි වයස ඇතිනේ... මේ ගොල්ලන්ගේ ආකල්පේ මේක නම් තරුණ පරම්පරාව, ඉතිහාසය නොදන්න පරම්පරාව ගැන කුමන කථාද? මමත් එක කාලයක් කොණ්ඩෙ වැව්වා, නෑදැයොත් කිව්වේ කොණ්ඩෙ කපන්න කියලා, මම ඒ ගොල්ලන්ව නිරුත්තර කාලේ මගේ සීයාගේ දිග කොණ්ඩේ පෙන්නලා. සිංහල ජනතාව මොනතරම් අනුකාරකයින් බවට පත්කරලා සහ පත්වෙලා තියෙනවද 1815 ඉඳන්... මොනතරම් සිංහලකමට ගරහනවද, මේකෙන් අපට ගැලවීමක් නැද්ද?

:       67       305

shan saudi Tuesday, 11 December 2018 08:07 AM

කතාව කෙසේ නමුත් අද හැදෙන කොලොම්පුරේ හා අනෙක් පළාත්වල නුතන පරම්පරාවේ අයට වඩා දබානේ වැඩි ගම්මාන වල ජීවත්වන නව පරම්පරාවල අයවලුන් බොහොම පිළිවෙලට ජීවත් වෙනවා , තව නොබෝ කලකින් දබානෙන් කොළඹ වැද්දන් බලන්න එන්න පටන් ගන්නවා ඒක නොවනුමනයි කොළඹ සමහර තරුණයින් තරුණියන් අදින ඇදුම් දැක්කම හිතෙන්නේ හිගන්නෝ කියල අදින ඇදුමේ හිලක් ඉරුණු නැති තැනක් හොයා ගන්න නැහැ

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site