IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


‘කෙහෙල් තැරියක්’ පටලැවී ‘මුදලාලි අයියාට​’ නැගලා

 කඹුරුපිටිය විශේෂ  කේ. අජිත්
විවිධ පළාත්වල හා ජන වර්ග අතර ව්‍යවහාර වන භාෂාව හරිහැටි තේරුම් නොගැනීම නිසා සිදු වූ කලබගෑනියක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ එක්තරා පෙදෙසකින් වාර්තා වෙයි.


 ඈත පළාතක සිට ඔහු දකුණු පළාතේ ඇතුළත ගමකට පැමිණියේ වැදගත් කටයුත්තක් සඳහායි. එම කටයුත්ත නිමාකර තම ගම් පෙදෙසට යන අතරතුර සරමක් හා බැනියමක් ඇඳගත් තරුණයෙක් කෙසෙල් කැනක් කරේ තබාගෙන යනු දුටු ඔහු තම මෝටර් රථය නවතා ‘මුදලාලි අය්යා ඔය කෙසෙල් තැරිය කීයදැයි‘ විමසීය. මෙය තේරුම්ගත නොහැකි වූ ඔහු එම පුද්ගලයාගෙන් විමසා සිටියේ ‘ඔහේ මක්කෙයි කිව්වෙ‘ යනුවෙනි. ‘ඔය කෙසෙල් තැරිය කීයක් වෙනවාද‘ කියලයි මම ඇහුවෙ. මෙය ඇසූ තරුණයාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය හෙයින් ‘කොහෙද ඕයි මේක තැරියක් වෙන්නෙ. බලනව කෙසෙල් කැනේ අපූරුව. අනෙක ඔහේ මට අයියෙ කියන්න ඔහෙගෙ වයස කීයද. කොණ්ඩෙත් ඉදිල නේදැයි‘ ඇසුවේය.


 මේ ප්‍රදේශයේ ව්‍යවහාර වන භාෂාව පිළිබඳ තමන්ට යම් වැරදීමක් සිදුවී  ඇති බව සැනෙකින් වටහා ගත් ඔහු ‘අනේ මල්ලි සමාවෙන්න. මම කෙසෙල් තැරිය කිව්වෙ කෙසෙල් කැනටයි. අනෙක මම ඔයාට අය්යා කිව්වෙ වයස ගැන බලලා නොවෙයි. අයියා කියන්නෙ අපේ භාෂාවෙන් මහත්තයා කියන එකටයි‘.  මේ කතාව අසා සිටි තරුණයා ‘මහත්තයා මට සමාවෙන්න. මම යි වැරදි විදියට තේරුම් ගත්තෙ.  ඔහේට ඕන ගණනක් දීල මේක අරන් යන්න‘ යැයි පැවසූයෙන් එයට වටිනා මුදලක් දී ඔහු එය රැගෙන යන්නට ගියේ තම දුරකතන අංකය ද ඔහු අත තබමිනි.



අදහස් (1)

‘කෙහෙල් තැරියක්’ පටලැවී ‘මුදලාලි අයියාට​’ නැගලා

sampath Monday, 05 December 2022 12:07 AM

මම හම්බවෙන්න ආපු කෙනෙක් අපේ ගෙදර අයට කියලා තිබුණා මහත්තයාට දෙකක් කතාකරන්න ඕනෑ කියලා. ඉතින් ගෙදර අයට ඕකට තරහ ගිහින් පස්සේ මම ගිහින් බැලුවාම ඒ මනුස්සයාගේ ප්‍රශ්නයක් කියන්නයි ඇවිත් තියෙන්නේ. සාමාන්‍යෙයන් දෙකක් කතාකරනවා කියන්නේ ආරවුලකට එනවට.. ඒ අපේ භාෂාවේ හැටි. ගොයම් කොළේට මුවාවෙලා වෙඩිතැබීමක් කියන එකත් ඔය වගේ. ගොයම් ගොඩටයි කොලේ කියලා කියන්නේ. ඔහේ කියලා කිව්වාමත් මිනිස්සු ඇඟට ගොඩවෙන්න එනවා. නමුත් ඔහේ කියන්නේ ඔයා කියන එකටමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 69 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site