IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කෙසෙල් හොරා කැනත් එක්ක ගම වටේ කරකවලා

කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න
“ආයේ මම ගමේ කාගෙවත් කෙසෙල් කැන් හොරෙන් කපන්නේ නෑ”‍ යැයි පවසමින්, කාලයක සිට හොරෙන් කෙසෙල් කැන් කපා අලෙවි කර මත්ද්‍රව්‍ය පානය කර ඇතැයි කියන තරුණයකු කෙසෙල් කැනක් කපාගෙන යමින් සිටියදී ගමේ තරුණයකු විසින් අල්ලා ගනු ලැබූ කෙසෙල් කැන කරේ තබාගෙන ගමක් වටා එලෙස ගමන් කරවා ඇතැයි කියන අපූරු පුවතක් ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 22 හැවිරිදි තරුණයකු තදින්ම මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටියි. මෙම තරුණයා මුල් කාලයේ මවුපියන්ගේ මුදල්, රන් බඩු සොරකම් කරගෙන ගොස් කීයකට හරි උකස් කර මිතුරන් සමග මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා මවුපියෝ අද කබලෙන් ළිපට වැටී සිටිති.


පොලීසියේ මැදිහත් වීමෙන් අධිකරණයට කරුණු වාර්තා කර, තරුණයා පොළොන්නරුව ප්‍රදේශයේ පුනරුත්ථාපන කඳවුරකට මවුපියෝ යොමු කළහ. වසරක කාලයක් එහි පුනරුත්ථාපනය ලැබූ තරුණයාට පුනරුත්ථාපනය අවසානයේ මවුපියන් ගෙන්වා “දරුවා හොඳට හදලා තියෙනවා, හොඳට රැක බලා ගන්න”‍ යැයි පවසා මවුපියන්ට තරුණයා භාර දී තිබුණි.
මවුපියෝ ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීන්ට ස්තුතිය පුද කර දරුවා නිවෙසට යළි රැගෙන පැමිණියහ. ආ දවසේ සිට තරුණයා සති දෙක තුනක පමණ කාලයක් නිවෙසින් එළියටවත් බහින්නේ නැතිව කාමරයට වී දුරකතනයට යොමු වී සිටියේය. මවුපියෝ තරුණයා ඉල්ලන කෑම බීම ඇඳුම් පැලඳුම් නගරයට රැගෙන ගොස් අරන් දුන්හ. තරුණයා ද සුපුරුදු පරිදි මවුපියන්ට කරදර නොකර කල් ගෙවමින් සිටියේය. යළි තරුණයා සුපුරුදු පරදි ටිකෙන් ටික මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි විය. මවුපියන්ගේ මුදල්, නිවෙසේ බඩු මුට්ටු සොරකම් කර උකස් කර මත්ද්‍රව්‍ය පානය කළේය. නිවෙසේ උකස් කිරීමට දෙයක් නොමැති අවස්ථාවේදී තරුණයා අවට ගෙවල්වල කෙසෙල් කැන්, පුවක්, පොල් සොරකම් කරන්නට පටන්ගත්තේය.
මීට මාස කිහිපයකට ඉහතදී ගමේ වයෝවෘද්ධ පුද්ගලයකු වගා කර තිබුණු කෙසෙල් කොටුවේ කෙසෙල් කැන් කපාගෙන රැගෙන යන අවස්ථාවේදී ඔහු අල්ලා ගත්තත්, පසුව මවුපියන් ගැන සිතා වයෝවෘද්ධ පුද්ගලයා තරුණයාට සමාව දී ආපසු යවා තිබුණි.
ඉකුත් දිනක දහවල් කාලයේ යළි ගමේ කාන්තාවකගේ කෙසෙල් කැනක් කපාගෙන යෑමට සූදානම් වන අවස්ථාවේදී කාන්තාවගේ තරුණ පිරිමි දරුවා කෙසෙල් කැන කපන අයුරු දැක තිබේ. 
පසුව කෙසෙල් කැන සමග තරුණ සොරා අල්ලා ගත්තේය. 
කෙසෙල් කැන් හොරාට යළි කෙසෙල් කැන් හොරෙන් නොකපන්න අපූරු පාඩමක් අද නම් කියා දිය යුතු යැයි කාන්තාවගේ තරුණ පුතා සිතුවේය. ‘ගනින් කරට කෙසෙල් කැන, මෙහෙම කියපන්,’ “මම ආයේ ගමේ කාගෙවත් කෙසෙල් කැන් හොරෙන් කපන්නේ නෑ”‍ ලෙස මහ හඬින් කියමින් ගම වටේ රැගෙන ගියේය. ගමේ බොහෝ පිරිසක් කෙසෙල් කැන රැගෙන යන අයුරු දැක තරුණ හොරාට අනුකම්පා කළහ. තව පිරිසක් “බොහොම හොඳා. ඔහොම කරන්නේ නැතිව බෑ”‍ විවිධ අදහස් ඉදිරිපත් කෙරිණ. ගම වටේ කෙසෙල් කැන් රැගෙන ගොස් ඇති තරුණයා ආපසු හිමිකාරියට කෙසෙල් කැන ගෙනත් භාර දී වැඳ සමාව අරගෙන “ආයේ කෙසෙල් කැන් කපන්නේ නෑ” යැයි පවසා ආපසු නිවෙස කරා ගොස් ඇති බවත් වාර්තා වෙයි. තරුණයාට එදා ලබා දී ඇති අපූරු දඬුවමෙන් පසුව මේ දක්වා ගමේ කිසිම දෙයක් සොරකම් කර නොමැති බව වාර්තා වෙයි.

 



අදහස් (0)

කෙසෙල් හොරා කැනත් එක්ක ගම වටේ කරකවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 351 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site