(තලාතුඔය - ටී.එච්. සරත්)
රාත්‍රී කාලයේදී ගම වටා ගොස් රහසේ කෙසෙල් කැන් කපා විකුණූ පුද්ගලයෙකු මහනුවර නගරයේ පැවැති දේශපාලන රැස්වීමක උඩපනිමින් හුරේ දමමින් සිටියදී අල්ලා ගැනීමේ පුවතක් තලාතුඔය පොලිසියෙන් වාර්තා විය.
කලක සිට පොලිසිය මගහරිමින් සිටි මෙම පුද්ගලයා තලාතුඔය, අංකෙලිපිටිය හා මොරගොල්ල යන ප්‍රදේශයන්හි රාත්‍රී කාලයේදී කෙසෙල් කැන් කපා රහසේ විකුණා ඇති අතර මොහු අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් දැල එළා තිබූ අවස්ථාවක ඉකුත්දා මහනුවර නගරයේ පැවැති දේශපාලන රැස්වීමක කතාවකට සවන්දෙමින් ප්‍රීතිඝෝෂා කරමින් සිටියදී එම රැස්වීම සඳහා ආරක්ෂාව සැපයීමට ගිය පොලිස් නිලධාරීන් ඔහු දැක කිසිවෙකුටත් නොදැනෙන සේ වටකොට අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
මීට පෙර අවස්ථා කීපයක කෙසෙල් කැන් රහසේ කැපීම පිළිබඳව මොහුට චෝදනා එල්ල වී තිබුණද මොහු දිනපතා තමන් පදිංචි ස්ථාන වෙනස් කරමින් සොරකමේ යෙදී ඇති බැවින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.
අත් අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
තලාතුඔය පොලිස් ස්ථානාධිපති පො.ප. අරුණ ක්‍රිශාන්ත මහතාගේ උපදෙස් මත උ.පො.ප. ලොකුබණ්ඩා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබීය
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කෙසෙල් කැන් හොරා ඡන්ද රැස්වීමක හුරේ තියද්දී කොටුවෙලා