IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කිවිසුමක් ඇරලා කඩේම හිස්වෙලා

(වැලිමඩ කේ.ආර්. රාජමන්ත්‍රී)
 වෙළෙඳසල් සේවකයා උදෑසන දියනෑමෙන් ඇතිවන හිසේ බරගතිය පහකර ගැනීමට වෙළෙඳසළ තුළදී විශාල ශබ්දයකින්  පිටකරන ලද කිවිසුම් හඬ කොරෝනා  රෝගියකුගේ යැයි  වරදවා වටහා ගත් පාරිභෝගිකයන් ව්‍යාපාරික ස්ථානයෙන් භාණ්ඩ මිලට නොගෙන කඩිනමින් පිටව යෑමෙන් සිදුවූ පාඩුවෙන් ව්‍යාපාරිකයාට යකා නැගීමේ පුවතක් වැලිමඩ නගරයෙන් අසන්නට ලැබේ.


දැනගන්නට ඇති අන්දමට වැලිමඩ නගරයේ ව්‍යාපාරික ස්ථානයක සේවය කරන සේවකයා දිගුකලක සිට අලුයමින් දියනාගෙන සේවයට පැමිණීමට හුරුපුරුදුව සිටින්නෙකි. එනිසාම ඔහුට හිසේ බරගතිය ඇතිවේ. එම අවස්ථාවේදී හිසේ බරගතිය පහකර ගැනීමට විශාල ශබ්දයක් පිටකරමින් කිවිසුම් කිහිපයක් පිටකිරීමට ඔහු පුරුදුව සිටියේය. එසේ  හිස ගැස්සෙන අන්දමට කිවිසුම් පිට කිරීමෙන් මනා සුවයක් අත්වෙන බව ඔහු කියා සිටින්නේ උජාරුවෙනි.


මේ දිනවල පවතින කොරෝනා වසංගතය නිසා සෞඛ්‍ය ආරක්ෂිතව මුව ආවරණ සහිතව සේවය කළත් කිවිසුම් යෑමට පෙර නිමිති දැනෙන විට ඔහු කඩිනමින් ඉහළ මාලයට ගොස් කිසිවකුටත් නෑසෙන  ලෙසින් කිවිසුම් යැවීමට  පුරුදුව සිටියේය. 


එහෙත් මෙදින පෙරසේ කිවිසුම පිටවන්නට ආසන්න වෙද්දී ඔහුට ආරක්ෂිත ස්ථානයට යැමට ප්‍රමාද වී ඇත. අතර මගදීම ශබ්දනඟා කිවිසුම් කිහිපයක් යවා හිසේ බරගතියෙන් මිදුණ ඔහු සැනසිලි සිතකින් නැවත සේවය කරන ස්ථානයට එන විට පාරිභෝගිකයන්  භාණ්ඩ ගැනීම පසෙකලා පිටව ගොස් ඇති බව දැක ඇත.


 භාණ්ඩ නොගෙන පාරිභෝගිකයන් පිටව යෑමෙන්  කෝපව සිටි ව්‍යාපාරිකයා ඔය කිවිසුම් මගුලෙන් බිස්නස් අඩුකාලේ රුපියල් දහස් ගණනක පාඩුවක් වුණා. ඒ හින්දා ඉක්මනට ඔය කිවිසුම් කෙහෙල්මල සනීපකරගන්න යැයි ව්‍යාපාරිකයා සේවකයාට පවසා ඇතැයි පැවසේ.



අදහස් (0)

කිවිසුමක් ඇරලා කඩේම හිස්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site