(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
කුලියට ගත් නිවෙසක පදිංචියට පැමිණි යුවළක් ටික දවසක් ගත වු පසු කිසිවකුටත් සැකයක් ඇති නොවන ලෙසන් එම නිවෙසේ තිබු ගෘහ භාණ්ඩ තොගයක් රැගෙන පළා ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණයක් ආරම්භ කළ බව මාරවිල පොලිසිය කියයි.
නාත්තන්ඩිය අක්කර අසූව ප්‍රදේශයේ විසු කෙනකු මේ වන විට සිය පවුලේ සාමාජිකයන් සමග ඉතාලියේ රැකියාවක් සඳහා ගොස් එරට පදිංචිව සිටින අතර ඔවුන්ගේ නිවෙස දන්කොටුවේ පදිංචි හිතවතකුට රැක බලා ගන්න බාර දී ඇති බවත් පොලිසිය කියයි.
මෙම නිවෙසේ ගෘහ භාණ්ඩ ද තිබී ඇති අතර නිවෙස රැක බලා ගන්න බාර ගත් පුද්ගලයා පසුව මෙම නිවස දරුවකු සිටින අඹු සැමි යුවළකට නිවෙස් ගෘහ භාණ්ඩ ද සමග පදිංචිය සඳහා කුලියට ලබා දී ඇති බවත් කියයි.
ටික දිනක් ගිය පසු නිවෙස කුලියට ලබා ගත් පවුලේ පිරිස නිවසේ තිබු වටිනා අල්මාරි තුනක් ඇඳක් හා කණ්ණාඩි මේසයක් කාටත් හොරා ලොරියක පටවා ගෙන පළා ගොස් ඇති බවත් නිවස ඔවුන්ට කුලියට දුන් අය මේ බව දැන ගත් පසු නිවෙසේ සිටි පවුල ගැන තොරතුරක් සොයා ගත නොහැකි වු නිසා වහාම ගොස් සිද්ධිය මාරවිල පොලිසියට පැමිණිලි කර ඇති බවත් කියයි.
මාරවිල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික විජේසිංහ මහතාගේ උපදෙසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කුලී ගෙදර නිවැසියා ඇඳ අල්මාරිත් එක්ක වාෂ්ප වෙලා