මහනුවර බලා දිවෙන පෞද්ගලික බස් රථයකි. උදෑසන කාලයේ නිසා එය තරමක මගීන් පිරිසකගෙන් පිරී පැවතිණි. පසුපස අසුනක උඩරට ඇඳුමින් සැරසුණු වියපත් කාන්තාවකි. බස්රථය නැවතුම්පොළ කිහිපයක නතර කරමින් ඉදිරියට ධාවනය වන අතරතුර එක් බස් නැවතුමකදී නවීන පන්නයේ දුරකථනයක් ද රැගෙන තරුණියක් බස් රථයට ගොඩවූවාය. වංගු සහිත මාර්ගයේ බස්රථය සෙමෙන් ඉදිරියට ඇදෙන අතර එක් නැවතුමක් අසලදී වියපත් කාන්තාව හිඳ සිටි ආසනයේ හිඳ ගැනීමට තරුණියට ද අවස්ථාව ලැබුණි.
ඒ වන විටත් ඇයට ලැබුණු දුරකථන ඇමතුමකට හෑන්ඞ් ෆ්‍රී උපකරණයක් ආධාරයෙන් පිළිතුරු දෙමින් සිටි අතර අසුනේ හිඳ ගැනීමත් සමගම ඇය හෑන්ඞ් ෆ්‍රී උපකරණය ගලවා පිළිතුරු දෙන්නට විය.
ඒ අනුව ඇය දුරකථනයට පිළිතුරු ලබාදීමේදී විටෙක ජංගම දුරකථනය කන ආසන්නයටත්, තවත් විටෙක මුව ආසන්නයටත් ගත්තාය.
මෙම සිදුවීම දෙස විස්මයෙන් බලා සිටි කාන්තාව හා තරුණිය අතර මෙවන් දෙබසක් කාටත් ඇසෙන්නට විය.
“ඈ දරුවෝ මොකක්ද ඔය කෑමක් ද කන්නේ ?
නෑ අත්තම්මේ මේ කෝල් එකක්.......
කෝල් එකක් නම් මොකද කෑමක් කනවා වගේ වේලාවකට කටේ තියාගෙන හප හපා ඉන්නේ, තව වෙලාවකට කවනව වගේ කණේ තියාගෙන ඉන්නේ?
දැන් කෝල් කරන ෆැෂන් එක එහෙමයි ආත්තම්මේ......
අනේ උඹලගේ ෆැෂන්....!
එක්කෝ ඔය කෙහෙම්මල කනේ තියා ගනිං...
නැත්තං කටේම තියාගනින්.... අපිට පාඩුවේ බස් එකක යන්නත් නෑ.. මොන මළ කෝලං ද මේ...
අපිනම් ඒ කාලේ පිළිවෙළකට හැදුණා..”
යනුවෙන් පවසන්නට වූ අතර ඒ දෙබස ඇසුණු බොහෝ දෙනා හඬනගමින් සිනාසෙන්නට වූ අතර තරුණිය ගමනාන්තයට ද කලින් හීන් සීරුවේ බැස යන්නට වූවාය
(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කෝල් එක කටේ වැටුණු කෑමක්
pras Monday, 26 November 2018 06:01 PM
තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න බැනේ රටේ ගොඩක් අයට. අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්නම බෑ.