(මාවතගම කාන්චනමාලා බණ්ඩාර)
සීයා කෙනෙකු ගමේ කොල්ලන්ගේ උපදෙස් පිළිපැදලා අවසානයේදී පොලිසියටත් යාමට සිදුවූ කතාවකි.
වයඹ පළාතේ පොලිසියකට 60 හැවිරිදි කාන්තාවක පැමිණියේ තමාට 65 හැවිරිදි තම සැමියාගෙන් නිතර නිතර කරදර සිදුවන බවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටය. පොලිස් කාන්තා පැමිණිලි අංශයට ඉදිරිපත් කෙරුණ පැමිණිල්ලට අනුව සැමියා පොලිසියට කැඳවා පරික්ෂණ ආරම්භ කළේය.
බිරිය පවසා සිටියේ තම සැමියා පෙති වර්ගයක් නිතර නිතර පාවිච්චි කර තමාට හිංසා කරන බවකි. 65 වයස් සැමියා කියා සිටියේ තමා අතේ ඇති තුවාලයකට බෙහෙත් පෙති පානය කරන බවකි.
පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ කිරීමේදී අනාවරණය වූයේ ගමේ තරුණ පිරිසක් ඔහුට විහිළුවට මෙන් එක්තරා පෙති වර්ගයක් බොන්නැයි දෙනු ලැබූ උපදේශයක් අනුගමනය කර තම බිරියට කරදර කර ඇති බවය.
‘තමාට වැඩිහිටි දරුවොත් ඉන්නවා නේද මීට පස්සෙ සංවරව හැසිරෙනවා’ පොලිසියේ අවවාදයට හිස නමා ඔහු පල්ලම් බැස්සේ ගමේ තරුණයන් පිළිබඳ දැඩි කෝපයෙනි.
2025 ඔක්තෝබර් මස 08
1632
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොල්ලන්ගේ ලණුවක් කාලා අන්තිමේ පොලිසියෙත් ලැගලා