IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කෙල්ලක් දිහා බලලා තිස් දාහකුත් පුදලා

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
 ලාබාළ තරුණියකගේ පහස විඳ ගැනීමට ගිය අම්බලන්ගොඩ ව්‍යාපාරියකුට වූ අලකලංචියක් අම්බලන්ගොඩ පොලීසියෙන් අසන්නට ලැබේ.
ඔහු මාළු ව්‍යාපාරිකයෙකි. ගැටවරියන්ට ඔහු දැක්වූයේ දැඩි කැමැත්තකි. මේ තරුණිය ගැන දැන ගන්නට ලැබුණේ මිතුරකු මාර්ගයෙනි. ඇයගේ දුරකතන අංකයද ලැබිණ. තමා අසවලා යැයි හඳුන්වා දෙමින් ඔහු ඇය මුණ ගැසීමට වුවමනා බව දැනුම් දුන්නේය.
තැන, වේලාව, දුරකතනයෙන්ම ඔවුහු කතා කර ගත්හ. ඒ අනුව සියල්ල සූදානම්ය.
ව්‍යාපාරිකයා අදාළ ස්ථානයට එන විටත් තරුණිය කාමරයේ සිටියාය. දොරට තට්ටු කෙරිණ. දොර ඇරිණ. ලාබාළ තරුණිය දුටු සැණින් ඔහුට උන්හිටි තැන් අමතක විය. ඇය බදා ගන්නට පැන්නේ එහෙයිනි. ඒ එක්කම ඇඳ යටින් මතුවූවේ පිහියක් අමෝරගත් යක්ෂයෙ වන් කළු කොල්ලෙකි.


‍‍‍‍‍‍’’අද මම තොපි දෙන්නාම කම්බස් කරනවා... මේ හොරේ අල්ල ගන්න තමයි මමත් හිටියේ....” කියමින් කොල්ලා ව්‍යාපාරිකයාගේ කමීස කොලරයෙන් අල්ලා ගත්තේය. අනේ මල්ලී එහෙම කරන්න එපා... මම ඉල්ලන ගාණක් දෙන්නම්... මට යන්න දෙන්න... යැයි කියමින් ඔහු කොල්ලාට බැගෑපත්වූයේය.
පේන්නත් එක්කම කමිසයේ උඩ සාක්කුවේ දමාගෙන සිටි මොනර කොළ තිහ හතළිහක්ම කොල්ලාට දී ඔහු මාරුවී ගියේය. 
මේ මුදලින් කෙල්ලත්, කොල්ලාත් එකට එකතුවී කුඩු ගසමින් දින කිහිපයක්ම සුදියේ ගත කළහ. පවුල් ආරවුලක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා පොලීසියට ගෙන ආ අවස්ථාවේදී තරුණිය ඔවුන් දෙදෙනා සමග එකට එකතුවී අම්බලන්ගොඩ ව්‍යාපාරිකයාට දුන් මේ අපූරු ගේම වැමෑරුවේ පොලීසියද නම කියූ සැණින් ඔහු හඳුනා ගනිමිනි.

 



අදහස් (0)

කෙල්ලක් දිහා බලලා තිස් දාහකුත් පුදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site