කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
ව්‍යාපාරික ස්ථානයකට බදු දී තිබූ සිය ගොඩනැගිල්ල පිළිබඳව සොයා බැලීමට යමින් සිටිය දී තෙල් පෝලිමේ සිටි තරුණයකුගේ දුරකතන සංවාදයක කතාවකට වියරු වැටී අලි ජංජාලයක් කරගත් පළාත් පාලන ආයතන ලොක්කකු පිළිබඳ පුවතක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
හේ නගරය මැදින් එදා සිය භාර්යාව සමග ගියේ විනාශ කරන ලද ව්‍යාපාර ස්ථානයකට කුලියට ලබාදුන් සිය ගොඩනැගිල්ල පිළිබඳව සොයා බැලීමටය. ඒ අවස්ථාවේ දී තෙල් පෝලිමට නගරයට පැමිණ සිටි දුරකතන ඇමතුමකට තරුණයෙක් සම්බන්ධවී සිටියේය.
අපේ කතා නායකයාගේ භාර්යාව ඔහුට කනට කර යමක් කීවාය. ඒ සමගම ආරූඪ වූ ඔහු දුරකතන ඇමතුමට සම්බන්ධවී සිටි තරුණයාගේ ඇඟට කඩා පැන්නේ ඔහුට තර්ජනයක් වන ආකාරයට තෙල් පෝලිමේ සිටි අනෙක් අය ද බලා සිටියදීය. කිසිත් නොදත් තරුණයා ඇයි මේ මට බණින්නේ යැයි ඇසුවේ බයින් බීරාන්තවය.
තමුසේ කවුද ඕයි එහෙම කියන්න යයි කියමින් ඔහු සිය ජංගම දුරකතනයෙන් තරුණයාගේ ඡායාරූප ගැනීමට ද සැරසුණේ ඒ ඔහුට තව තවත් හොඳටම බැණ වදිමිනි. තරුණයා සමග සිටි අය මේ අවනඩුවට ඉදිරිපත් වූවේ ඔය අතරය. ඒ ස්වේච්ඡාවෙන්මය.
ඇයි ඔයා මේ තරුණයාට බනින්නේ. එයා හිටියේ කෝල් එකක. මේක හරි අසාධාරණයක්නේ. පිරිසගේ අත පෙවීම වැඩිවීමත් සමගම කතානායකයාට ඒ ගැන දෙපාරක්ම සිතන්නට සිදුවිය.
මෙයා අපි යනකොට ඒවා මේවා කිව්වා. ඒකයි අපට කේන්ති ගියේ ඔහු කීවේය.
මම අපේ පවුලේ ප්‍රශ්නයක් ගැන කතා කර කර හිටියේ. අසාධාරණ වැඩ කළාම ඔහෝම වෙනවා යැයි කීවේ ඒ පවුල් ප්‍රශ්නයේ කතාවකට යයි තරුණයා කීවේ සන්සුන් අයුරෙනි. ඔයා හිතලා අපිට කිව්වේ නැත්නම් සමාවෙන්නයි ඔහු තරුණයාගෙන් සමාව නොගත්තේ නම් නව වැනිදා අරගලයෙන් සිදුවූ දෙයට වැඩි දෙයක් සමහර විට වෙන්න තිබුණාලු.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කොල්ලකුගේ කතාවක් ඇඟට අරන් පළාතේ ලොක්කෙක් පඹගාලක පැටලිලා