IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කිලෝමීටර් 27ක් රියකින් ගිහින් රුපියල් දෙදාහක් දී සිගරැට් 2ක් ​ගෙනත්

(හක්මන විශේෂ -දෙනගම යසන්ත ආරියසේන)
දුම්වැටියක් මිලදී ගැනීමට කිලෝමීටර් විසි හතක් දුර මෝටර් රථයකින් ගොස් ආපසු පැමිණීමේදී මාර්ග වැරදි සම්බන්ධයෙන් රුපියල් දෙදහසක දඩ කොළයක් ලැබුණු පුද්ගලයකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 


අධික ලෙස දුම්පානය සඳහා ඇබ්බැහි වී සිටි මෙම පුද්ගලයා දුම්වැටි මිලදී ගැනීම සඳහා දිනකට හතර පස් වතාවක් වෙළෙඳසැල් වෙත යාම පුරුද්දක් කරගෙන සිටියේය. එහෙත් කිසිම දවසක නිවසේදී දුම්පානය නොකිරීමට කටයුතු කළේ බිරිඳට ඇති බයපක්ෂපාතීත්වය නිසාය. බිරිඳ එකම පුතු සහ ලේලිය සමග ඔහු එකම නිවසේ වාසය කරයි. 


බිරිඳ සහ ලේලිය කියන දෙයකට ඉහළින් කිසිවක් නොකිරීම ඔහුගේ ජීවන චර්යාවේ කොටසක් වී තිබුණි. බිරිය රජයේ රැකියාවක නිරත වූ අතර පුතාද පුද්ගලික අංශයේ රැකියාවක් කළේය. 


සිය මෝටර් රථයෙන් බිරිඳ රැකියා සඳහා රැගෙන යාමත් නැවත රැගෙන ඒම මේ දිනවල ඔහුගේ රාජකාරිය වී තිබුණි. නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති නිසා දුම්වැටි හිඟයක් සිය ගම් ප්‍රදේශයේ ඇති වී තිබූ නිසා දුම්පානය කිරීමට ඔහුට නොහැකි විය. සති අන්තය නිමවී බිරිඳ කාර්යාලයට ඇරලවා යහළුවකුගෙන් ලත් තොරතුරක් අනුව කිලෝ මීටර් විසි හතක් පමණ දුරින් නගරයට ගොස් දුම්වැටි දෙකක්ද මිලදී ගෙන පැමිණෙමින් සිටියදී පොලිසියෙන් මෝටර් රථය නතර කළේය.


වැරදි ඉස්සර කිරීමේ වරදට රුපියල් දෙදහසක දඩ කොළයක් පොලිසියෙන් ඔහුට ලැබුණේය. 


බිරිඳ නිවෙසට පැමිණි පසු රෙදි සේදීමට සූදානම්ව සැමියාගේ කමිසය අතට ගත්තාය. සාක්කුවේ යමක් තියෙන බව දුටු ඇය එය අතට ගෙන බැලීමේදී රුපියල් දඩ කොළයක් දුටුවාය. සැමියාගේ ඇඟට කඩා පැන දඩ කොළයක් ලැබුණේ කෙසේ දැයි විමසා සිටි අතර ‘නඩුව’ විමසීමට ලේලිය සහාය වූවාය. පදිංචි ප්‍රදේශයේ පොලිසියෙන් නිකුත් කළ දඩ කොළයක් නොවන බව ලේලිය පැවසීමත් සමඟ බිරිඳගේ බැණ වැදීම දෙගුණ තෙගුණ විය. 


අසල්වැසි නිවෙස්වලටද ඇසෙන පරිදි බිරිඳගේ සහ ලේලියගේ කෑ ගැසීම නිසා කතාව ගම පුරා පැතිර යාමට වැඩි දිනක් ගත නොවීය.



අදහස් (0)

කිලෝමීටර් 27ක් රියකින් ගිහින් රුපියල් දෙදාහක් දී සිගරැට් 2ක් ​ගෙනත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 116 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site