IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


කර මතින් ආ නාගයා දැක දෙපා වෙවුලමින් පින්සෙණ්ඩුවෙලා

(ඇහැලියගොඩ ආරියවංශ පැල්පිටිය)
ඔහු ඇහැලියගොඩ පදිංචි ගොවියෙකි. ඔහුගේ මඤ්ඤොක්කා හේන සහ කොරටුව නිවසේ සිට සැතපුම් කාලක් පමණ එපිටින් පිහිටා තිබුණි.


දිනක් ඔහුගේ බිරිය ඔහුට කතා කොට “වැසි කාලෙත්” ආවා. දර මඩුව කැඩිල බිමටම පාත්වෙලා. මම කී දොහක් කීවද ඕක හදල දාගන්න ලී දඬු ටිකක් ගෙනැවිත් දෙන්නැයි කියලා. කෝ තඹේකටවත් මායිම් කළාද මම කියපු දේ? යැයි ඇසුවේ තරමක කේන්තියෙනි.


ලී දඬු ගෙනැවිත් දීම තවත් පරක්කු කළහොත් මත්තට වන දේ සහසුද්දයෙන්ම දැනගත්  ඔහු පසු දින හේනට ගියේ හේනට කඩා වැටී තිබූ කිතුල් කඳ මඩුවේ වහලය සාදා ගැනීමට ගෙනැවිත් දීමටය.


සවස් වන විට හේනේ වැඩ අවසන් කළ ඔහු කිතුල් කඳ අමාරුවෙන් කර තියාගෙන ටික දුරක් එද්දී හමුවන ගමේ කහට කඩයට ගොස් එහි මිදුලට කිතුල් කඳ දමා ඒ මතම ඉඳගෙන කහට එකක් බීවේ පෙර පුරුද්දටය.


අනතුරුව කඩ මිදුලේ සිටි තරුණයින් දෙදෙනකුගේද සහායෙන් නැවත කිතුල් කඳ කර තබාගෙන ඇඳිරි වැටෙන්න ඔන්න මෙන්න තිබියදී නිවසට පැමිණි මොහු කිතුල් කඳ ගෙමිදුලට දමා තම බිරියට කතා කළේ ද කිතුල් කඳ මතම හිඳගෙනය.


සිනහ මුසු මුහුණින් එළියට පැමිණි බිරියගේ මුහුණ වෙනස් විය. කිතුල් කඳේ එක් කෙළෙවරකට අත දිගු කළ ඇය හිස මත දෙඅත් තබා කෑ ගසන්නට වූයේ එහි කෙළවරක සිට එළියට ඇදෙමින් පෙනය පුප්පන විශාල නාගරාජයකු දුටු නිසාය.


පෙනය පුප්පා තමා දෙස බලා සිටින නාග රාජයා දුටු ඔහුට කිතුල් කඳෙන් නැගිටීමට ගතවූයේ මොහොතකි.


දෝත සිරස මත තබා ගත් ඔහු “අනේ නාග රජතුමනි, සැතපුම් කාලක් මගේ කර මතින්ම පැමිණි ඔබ වහන්සේ මට අනතුරක් නොකළාට පින්සිදු වේවා” යැයි ආශිර්වාද කළේ දෙපා වෙවුලමිනි.

 



අදහස් (0)

කර මතින් ආ නාගයා දැක දෙපා වෙවුලමින් පින්සෙණ්ඩුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1684 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1416 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 507 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site