IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා


මොරගොල්ලාගම සිසිර කැලේගම



දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ.
සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
විවාහක අඹු සැමියන්ය. කිරි එළදෙනක ඇති කිරීමට දෙදෙනාට ආශාවක් ඇති විය. ඒ අනුව ඔවුහු කිරි එළදෙනක් මිලදි ගත්හ. අවශ්‍ය තණ කොළ ටික සැමියා කපාගෙන එන විට ඊට බිරිඳගෙන්ද නොමසුරු සහයෝගය ලැබුණේය.


කාලය කෙමෙන් කෙමෙන් ගත වෙනවිට ගැබ්බර එළදෙන පැටවෙකු බිහි කළාය. කිරි ගැනීමේ වාරය උදා විය. එහෙත් ඒ පිළිබදව පළපුරුද්දක් දෙදෙනාටම නැත. එළදෙන කණුවක ගැට ගසා පැටවා අසල තියාගෙන කිරි ගැනීමට කොතෙක් උත්සහා කළත් එළදෙන දැඟලීම නිසා මෙන්ම පයින් ගැසීම හේතුවෙන් දිනෙන් දින කිරි ගැනීම අතපසු විය. පසු දිනක අද නම් කොහොම හරි කිරි ගන්නවා යැයි සිතු සැමියා බිරිඳත් එක්ක ගාලට ගියේය
“ඔයා කිරි ගන්නවකෝ, මං බලා ගන්නම්“ සැමියා අතට පොල්ලක් ගත්තේය.
බිරිය එළදෙන අසල ඉඳ ගත්තාය. ඇය උණු වතුර ගෙන තණ බුරුල සේදුවාය. ඒ සැනින් කිරි දොවන්නට සැරසුණාය.
එළදෙන පයින් ගැසීමට පිටුපස කකුල උස්සනවාත් සමගම සැමියා අත තිබූ පොල්ලෙන් දෑත බදා එළදෙනගේ කකුලට ගැසුවේය.
“බුදු අම්මෝ, මගේ ඔළු‍ව පැලු‍ණා, තමුසේ මොකද මේ කෙරුවේ“ ඇය විලාප දුන්නාය.
සැමියා එළදෙනට ගැසුවේය. එය බිරියගේ හිසට වැදුණේය. කිරි ගැනීම පසෙක තබා “අනේ හිතලා නෙමෙයි ගැහුවේ“ යනුවෙන් පශ්චත්තාප වු සැමියා වහ වහා බිරිය රෝහල් කරා රැගෙන ගියාලු‍.

 



අදහස් (1)

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා

රිතික් Monday, 21 April 2025 05:56 PM

කතාවටත් වඩා අඳින කාටුන් එක තමයි මරු එළදෙනටත් හිනාගිහින් ඉන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 311 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1618 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site