(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
සතිපොළ වෙළෙන්දකුගෙන් කරවල සොරකම් කළ ලොකු නෝනා කෙනකුට එම වෙළෙන්දා කියා දුන් අපූරු පාඩමක් පිළිබඳව පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.

සතිපොළ කරවල වෙළෙන්දාගෙන් නිතර කරවල මිලදී ගන්නා කාන්තාවකි. එදින ද කරවල ගැනීමට පැමිණ ඇත. එසේ පැමිණි කත කරවලවල මිල ගණන් ද විමසමින් තත්ත්වය ද පරීක්‍ෂා කරමින් සිටියේලු.
නෝනාගේ අත වූ ඉටි බෑගය තුළට කරවල කූරියකු රිංගන අයුරු මුදලාලි හොරැහින් දුටුවේ තවත් ගනුදෙනුවක් කරමින් සිටින අතරතුර ය.
සිද්ධිය දුටුව ද නෝනා බොහෝ හිතවත් කෙනකු නිසා කිසිවක් කිරීමට ද මුදලාලිට නොහැකි තත්ත්වයක් උදාවිණි. මුදලාලි වහා ක්‍රියාත්මක වී වෙනත් කරවල කූරියකු ගෙන සොරකම් කළ කරවල වර්ගයේ කූරියන්ට මෙසේ කියමින් තඩි බාන්නට වූයේය.
“තොපි දැන් පොළවල් කීයකට ගියාද? අපූරුවට හිටියා. දැන් තමා මේ එක එකා ගේ බෑග්වලට පනින්නේ. ... බලන්නකෝ නෝනා... මුං මේ පොළට ආවාම දෙන කරදරේ.” කියමින් බොහෝ වේලාවක් තඩි බෑවේලු.
ලැජ්ජාවට පත් නෝනා සොරාගත් කරවල කූරියා සහිත ඉටි බෑගය ද හෙමිහිට බිම දමා සෙනග අතරින් මාරු වී ගියේලු.
2025 ඔක්තෝබර් මස 08
1708
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1426
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කරවල මුදලාලිගෙන් නෝනාට ටොක්කක්
සංක Wednesday, 03 April 2019 06:26 AM
මේක ගොඩක් පරණ කතාවක්නේ