IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොරෝනා වයිරසයෙන් නයි-මුගටි වෛරය මැකිලා

(ගල්ගමුව – ඇන්.ජේ. පතිරාජ)
නයයි - මුගටියයි මෙන් දිගු කලක් විරසකව සිටි පවුල් දෙකක් සමගි කිරීමට කොරෝනා වයිරසයට හැකි වීමේ පුවතක් ගිරිබාව ප්‍රදේශයේ ගම්මානයකින් දැන ගැනීමට ලැබෙයි.


ඔවුහු එකම ගමේ පදිංචි පාරම්පරික ඥාතීහු වෙති. එහෙත් පවුල් දෙක දේශපාලන පක්ෂ දෙකකය. පවුල්වල ගෘහ මූලිකයෝ ඒ දේශපාලන පක්ෂ දෙකේ ප්‍රබල ආධාරකරුවෝයි. යම් යම් කාලවල තම තමන් ආධාර කරන පක්ෂය බලයට පත්වූ විට එකිනෙකාට නින්දා, පරිභව, සමච්චල පමණක් නොව ගහ බැණ ගැනීම්ද සිදු කර ගත්හ. පොදුවේ ලැබෙන වරප්‍රසාද පමණක් නොව අයිතිවාසිකම් පවා කපා හැරීමට ඔවුහු එකිනෙකා කටයුතුකර ගත්හ. මේ නිසා පවුල් දෙක අතර වූයේ දැඩි විරසකයකි.


මේ අතර එක් පවුලක ගෘහ මූලිකයා කොරෝනා වයිරසයට පසුගියදා ගොදුරු විය. ඔහු ඇතුළු පවුලේ අය සිය ගෘහයේම ස්වයං නිරෝධායනයට ලක් වූහ. ආසාදිතයාට ඖෂධයක් මිලදී ගැනීමට අවශ්‍යතාවක් තිබිණි. රෑ බෝවී තිබීමත්, ප්‍රදේශයට තද වැස්සක් ඇද වැටෙමින් තිබීමත් නිසා ඔසු හලකට යැවීමට කෙනෙකු සොයා ගැනීමට ඔහුට නොහැකි විය.


හේ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධරයකුට මේ අවශ්‍යතාව හා තමන් පත්ව සිටින තත්ත්වය ගැන දන්වමින් ඇමතුමක් දුන්නේය. සිය හිතවත් රෝගියා පත්ව සිටින අසරණත්වය හා ඖෂධයේ අවශ්‍යතාව තේරුම් ගත් සෞඛ්‍ය නිලධාරියා රෝගියාගේ ගමේම වෙසෙන සිය හිතවත් මිතුරෙකුට ඇමතුමක් දී කාරණය දැන්වීය. ඒ මිතුරා මුලින් ඒ ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කළේ ඖෂධය ගෙන ඒමට සිදුවන්නේ තම පරම හතුරාට බව දැනගත් නිසාය.


කෙසේ හෝ සෞඛ්‍ය නිලධාරියාගේ ඉල්ලීමට අවනත වූ ඔහු සිය යතුරු පැදියෙන් මොර සූරන වැස්සේ ගල්ගමුව නගරයේ ඔසු සලකට ගොස් අදාළ ඔසුව මිලදී ගෙනැවිත් ආසාදිතයාගේ නිවස ඉදිරිපිටට ගියේය. කඩුල්ල ළඟ නතර වී ඥාතිත්වය හඟවන නමකින් සිය ‘‘පරම හතුරා’’ට ආමන්ත්‍රණය කළේය. ආසාදිතයා දොරකඩට එන විට දුටු දර්ශනයෙන් ඔහුගේ ඇස් උඩ ගියේය.


‘‘මේ බෙහෙත ගෙනාවා. මං යනවා. තව උවමනා දෙයක් තියෙනවා නම් පණිවිඩයක් එවන්න’’යි කී ඔහු ගෙනා ඔසුව සහිත බෑගය කඩුල්ලේ එල්ලා පිටට ගියේය.


සුවපත් වූ ආසාදිතයා ඇතුළු පවුලේ අය ඊට පසු දිනක මෙතෙක් කලක් තමන් හා පරම විරසකයෙන් සිටි පවුල වෙසෙන නිවසට ගොස් මුව නොසෑහෙන සේ ස්තුති කොට පරණ පුරුදු වෛරය හා විරසකය අත්හළහ.



අදහස් (0)

කොරෝනා වයිරසයෙන් නයි-මුගටි වෛරය මැකිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site