IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොරෝනා රෝගියකුගේ තාත්තා හොරෙන් එළියට පැන මාට්ටු වෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා වැළඳී නිවෙ​ෙස් ප්‍රතිකාර කිරීමට යොමු කළ දරුවකුගේ පියකු අසල්වාසීන්ට හොරෙන් මහ රාත්‍රියේදී නගරයේ වෙළෙඳසලකට බඩු ගන්න පැමිණ සිටියදී ඔහු ඇතුළු පවුලේ සැම ස්වයං නිරෝධායනයට ලක්කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අතටම හසුවී අලි ජංජාලයක් වූ පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


කොරෝනා රෝගීන් එන්න එන්නම වැඩි වූ නිසා රජය රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා රෝගීන් නිවෙස් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට තීරණය කළේය.


ඒ අනුව, මේ පුද්ගලයාගේ කොරෝනා රෝගී පුතු ද නිවෙස් නිරෝධායනයට ලක් කෙරිණ.


ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔහුගේ නිවැසියන් ස්වයං නිරෝධායනයට ලක් කළේ කාලය නිමවන තෙක් නිවෙසින් එළියට බැසීම තහනම් කරමිනි.


එදා රාත්‍රී වනතෙක්ම සිය සෞඛ්‍ය බලප්‍රදේශයේ කොරෝනා මර්දන එන්නත්කරණයේ යෙදී සිටි මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නගරයේ වෙළෙඳසලට ගියේ නිවෙසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමටය. එසේ යනවිට එම වෙළෙඳසල ඇතුළේ සිටි කෙනකු හැංගෙනු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුටුවේය. ඒ සැණින්ම ක්‍රියාත්මක වූ ඔහු තමා එනවිට හැංගුණු පුද්ගලයා කවුදැයි සොයා බැලුවේය.


තමා ස්වයං නිරෝධායනයට ලක්කර ඇති කොරෝනා රෝගියකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු බව හඳුනා ගත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දෙවියන් බුදුන් සිහිකරවමිනි. මේ මනුෂ්‍යයා කර ඇති වරදේ තරම හැමෝටම ඇසෙන සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කී විට  එම වෙළෙඳසලින් බඩු ගත් පිරිසක් ද ඒවා නොගෙනම හෙමින් සීරුවේ මාරු වී ගියහ. ඒ කලබලය අස්සේ සමහරු ගත් බඩුවල මිල නොගෙවාම ඒවා රැගෙන ගියහ.


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වහාම ඔහු එතැනින් එළවා දැමුවේ හෙට උදේ පැමිණ ඔහුට එරෙහිව නීතිමය කටයුතු කරන බව පවසමිනි. ඒ සමගම එම වෙළෙඳසල ද වසා දැමුණි. බඩු ගැනීමට පැමිණ සිටි අයට ද ආපසු නිවෙස් කරා හිස් අතින් යාමට සිදු විය. රටේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට බැරි මෙවැනි අමන වැඩ කරන්නන් නිසා බව ඔහු ගිය දිසාව බල බල එතැන සිටි අය දරුවාගේ පියාට හොඳටම දෙහි කැපූහ.

 



අදහස් (0)

කොරෝනා රෝගියකුගේ තාත්තා හොරෙන් එළියට පැන මාට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site