(තිහගොඩ උපසේන ලියනගම)
පලතුරු කඩේ ආවරණය කර තිබූ පොලිතින් කොරෝනා වැස්ම අතරින් සිදුවූ‘‘මනමාල කමක් ’’ නිසා දැඩි කෝපයට පත් වෙළෙන්දකු පිළිබඳ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ හම්බන්තොට පැත්තෙනි.
මේ පලතුරු කඩේ ප්‍රදේශයේම නැවුම් පලතුරු නිසා ප්‍රසිද්ධියට පත්ව තිබූ අතර එහි වෙළෙඳාමේ යෙදුණේ මැදිවියේ වූ සැමියා හා තරුණ වියේ වූ රූමත් බිරිඳය.
කොරෝනා උවදුර නිසා එම කඩේ ඉදිරි පස පොලිතින් ආවරණයක් යොදන ලෙස ලද සෞඛ්‍ය උපදෙස් නිසා ගනුදෙනු සිදුවූයේ පොලිතින් ආවරණයේ කුඩා කවුළුව තුළිනි.
නිතර පහේ කඩේට එන තරුණයකු පසුගියදා කඩේට ආවේ පලතුරු කීපයක් මිලදී ගැනීමටය. පලතුරු කීපයක් තෝරාගත් ඔහු මිල ගණන් හැදීමට ඒවා ප්ලාස්ටික් බේසමත දමා පොලිතින් කවුළුවෙන් දිගු කරන විට ඒවා ගත්තේ බිරිඳය. තරුණයා බිරිඳගේ අතද අල්ලන ආකාරය කවුන්ටරයේ සිටි සැමියා දුටුවද ඔහුට මඳ කුතුහලයක් ඇතිවිය.
ඔහු දුන් මුදලේ ඉතිරිය හා පලතුරු දැමූ බෑගය බිරිඳ අාපසු දෙනවිටද තරුණයා ඇගේ අත මිරිකනු ඔහු පැහැදිලිවම දුටුවෙන් තරුණයාට මඳ දෝෂාරෝපණයක් කරන විට බිරිඳ‘‘ ඕවා ගණන් ගන්න එපා අනේ මං විෂ බීජ නාශක අතේ ගාගන්නම්’’ කීමෙන් වෙෙළඳ සැමියාගේ කෝපය දෙගුණ තෙගුණ වුණාලු.
2025 ඔක්තෝබර් මස 08
1583
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොරෝනා පොලිතීනය අස්සෙන් ‘මනමාලකම’ රිංගලා
millawa Wednesday, 21 July 2021 12:57 PM
අම්මපා, ඔයිටත් වැඩිය දේවල් වුණාද දන්නේ නෑ...