(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
කොරෝනාවට බියෙන් තම ජංගම අලෙවි රථය කුලී රියැදුරකුට බාර දී සවසට මුදල් පමණක් අතට ගත් හිමිකරුවකුට කොරෝනා වෙට්ටුවක් දමා කුලී රියැදුරා මුදල් කඩා ගැනීමේ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඔහු බේකරි නිෂ්පාදන ව්‍යාපාරිකයෙකි. තම අලවි රථයෙන් ගමින් ගමට ගොස් තම බේකරි නිෂ්පාදන අලවි කරමින් යහමින් මුදල් උපයන්නට විය. ගෝලයකු ද ගෙන තම ව්‍යාපාරය කරගෙන ගියේ වැඩිපුර ප්‍රදේශවලට ගොස් බේකරි නිෂ්පාදන අලවිකර වැඩි ආදායම් ඉපයීමේ අරමුණ ඇතිවය.
එහෙත් තෙවැනි වරටත් රට පුරා පැතිර යන කොරෝනා රැල්ල ගැන බේකරි මුදලාලිට මහත් බියක් ඇති වූයේ ඉන්දීය ජනයා කොරෝනාවෙන් මිය යන අයුරු රූපවාහිනියෙන් දැකීමෙන් අනතුරුවය.
පසුව බේකරි නිෂ්පාදන ව්‍යාපාරිකයා තම ජංගම වෙෙළඳ රථයට කුලී රියැදුරකු ගැනීමට තීරණය කළේය. ඔහුගේ බිරිය ද කොරෝනා බියෙන් නිවෙසටම වී කාලය ගත කරන්නට වූවාය.
දින කීපයක් ගත වීමටත් පෙර අලුත් රියැදුරා මුදලාලිගෙන් ලොකු මුදලක් කඩා ගන්නට සිතීය. එදින වෙළෙඳාමෙන් ඉහළ ආදායමක් ද ලැබුණි. සවස වෙළෙඳාම් නිමවා ව්‍යාපාරිකයා හමුවට ගිය රියැදුරා මෙසේ කීවේය.
මුදලාලි අද නම් මම ගියේ ඉතාම අවදානම් ප්‍රදේශවලට. මේ සල්ලි පැය අටක්වත් යනකල් ගණන් කරන්න එපා යැයි කියමින් රියැදුරා ව්‍යාපාරිකයාට සුපුරුදු මුදල් බෑගය දුන්නේය. එය අතටවත් නොගත් ව්‍යාපාරිකයා මුදල් බෑගය වාහනයේම තබන ලෙස රියැදුරාට කීවේය. ගෙදර වියදමට කියා රුපියල් දහදාහක් ද මුදලාලිගෙන් ඉල්ලා ගත් රියැදුරා පසුදින පැමිණෙන බව කියා යන්නට ගියේය.
පසුදින සියල්ල සූදානම් කර රියැදුරා එනතුරු බලාසිටිය ද ඔහු පැමිණියේද නැත. පසුව වාහනයේ පෙර දින තැබූ මුදල් බෑගය ගෙන ගණන් කිරීමට බලද්දී එහි තිබී ඇත්තේ රුපියල් සියයේ කොළ දෙකක් පමණි.
සියල්ල තේරුම් ගත් මුදලාලි අනේ දෙවියනේ මගේ සල්ලි කියා හිස බදාගෙන විලාප දුන්නේ කිසිවක් සිතාගත නොහැකිවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොරෝනා ගුලියක් දී අලුත් රියැදුරා මුදලාලිට විදලා