IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කබලෙන් ළිපට වැටුණු සේවකයාට සේවක පිරිසකගෙන් අපූරු උදවුවක්

(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
හදවතේ සිදුරක් ඇති සිය සහෝදර සේවකයාගේ දරුවාට ප්‍රතිකාර ගැනීම සඳහා රුපියල් ලක්‍ෂයක ණය මුදලක් ලබාගැනීමට උදව් කළ සේවකයින් පිරිසක් එම ණය මුදල අදාළ සේවකයාට ලබා නොදී ඔවුන් අතර බෙදා ගෙන මාසික ණය වාරිකය ඔහුට ගෙවන්නට සැලැස්වූ අපූර පුවතක් දකුණු පළාතේ පළාත් පාලන ආයතනයකින් වාර්තා විය. 


එතරම් දැනුමක් තේරුමක් නැති ඔහු මේ පළාත් පාලන ආයතනයේ කැළි කසළ ඉවත් කිරීමේ සේවයේ යෙදී සිටින්නෙකි. දුප්පත්කමේ පහළටම වැටී ඇති ඔහු දිවි ගෙවූයේ මහත් ආර්ථීක දුෂ්කරතා රැසක් මධ්‍යයේය. එය තවත් තීව්‍රවූයේ දරුවාගේ අසනීපයත් සමගය. 


හදවත් රෝගී දරුවාට ප්‍රතිකාර ගැනීම සඳහා මුදල් අවශ්‍ය බව සහෝදර සේවකයින් පිරිසකට ඔහු පවසන්නේ මේ අතරවාරයේදීය. ආයතනයක වැඩ කරන නිසාත් ඔහුට මාසික වැටුපක් ලැබෙන නිසාත් මේ සහෝදර සේවක පිරිස යම් ආයතනයකින් ණය මුදලක් ලබාගත හැකි බව පවසන්නේ ඔහුගේ ඊට කැමැත්ත ලබාගැනීමේ අරමුණින්ය. 


මුදල එම ආයතනයෙන් ලබා ගැනීමට අවශ්‍ය පෝරම පිරවීම තබා විදුලි පණිවුඩ පෝරමයක්වත් පිරවීමට දැනුමක් නොතිබූ ඔහුට මේ ණය මුදල ලබාගැනීම සඳහා අවශ්‍ය පෝරම පිරවූයේ සහෝදර සේවක පිරිස විසින්මය. ඔහුට තිබුණේ ඒවාට සිය අත්සන තැබීම පමණය. 


ඒ අනුව ඔහුට අදාළ ණය මුදල අනුමත විය. ණය මුදල ලබාගැනීම සඳහා ඔවුන් සමග ගිය සේවක පිරිස ඔහුගේ අතට ණය මුදල ලබා නොදුන්නේ ඔහු එම මුදල අනවශ්‍ය ලෙස වියදම් කරනවා යයි කියමින්ය. එසේ කියමින් කාලය ගෙවූ මේ පිරිස ඔහුට ණය මුදල දුන්නේ නැත. ඔවුන් එය බෙදා ගත්තේ ඔහු මේ ගැන කාටවත් නොපවසනු ඇතැයි හැඟීමෙන් යුතුවය. 


ඔහුගේ මාසික වැටුපෙන් මේ ණය මුදලට අදාළ ණය වාරිකය කපා දැමිණි. සිය පඩිපත අඩුවීම පිළිබඳව සොයා බැලීමෙන් ඔහුට මෙය අනාවරණය වීමත් සමගම ඔහු මේ පිළිබඳව පළාත් පාලන ආයතනයේ සභාපතිවරයාට ද දැනුම් දුන්නේය. මේ අසාධාරණය නොඉවසූ සභාපතිවරයා ඔහුගේ මාසික වැටුපෙන් ණය වාරිකය කැපීම නතර කර දැමුවේය. සභාපතිවරයා මේ මුදල් ගත්තා යයි කියන සේවක පිරිසගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් මේ මුදල් ගත්තේ නැතැයි කීම නිසා මේ අසරණ සේවකයාට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි විය. 


අසරණ සේවකයාගේ ණය මුදල බෙදා ගත්තාට කිසිඳු සාක්‍ෂියක් නැති බැවින් මෙය දෙවියන්වත් බලා ගනු ඇතැයි සභාපතිවරයා සැනසුම් සුසුම් හෙලුවේය. 

 



අදහස් (5)

කබලෙන් ළිපට වැටුණු සේවකයාට සේවක පිරිසකගෙන් අපූරු උදවුවක්

KANDEPOLA Wednesday, 19 June 2019 07:18 AM

නියම ශ්‍රී ලාංකිකයින් පිරිසක්....

:       0       64

දිමුත් Wednesday, 19 June 2019 12:58 PM

ඔය වංචා කරපුවට පොලියත් එක්ක කවදාහරි ලැබෙයි.

:       0       20

abaraa Thursday, 20 June 2019 02:12 AM

ගණන් ගන්න එපා ...අපේ ගමේ එහෙම තමා...

:       0       56

janahitha Thursday, 20 June 2019 03:05 PM

බොහෝ විට පැනල උදවු කරන්න එන අයගෙන් හැම කෙනෙක්ම පරිස්සම් විය යුතුයි. ඕනෑම ආයතනයකම ඔය වගේ හොර මගඩිකාරයෝ ඉන්නවා. මේ නිසා හැමෝම පරිස්සම් විය යුතුයි. විශේසයෙන් ණය වලට අත්සන් කරන්න පෙර දෙවරක් නොවෙයි සිය සැරයක් සිතා බැලිය යුතුයි.

:       0       5

Perera Thursday, 20 June 2019 10:27 PM

වසර 2500ක ආඩම්බර සංස්කෘතික ඉතිහාසයක් තියෙන ලෝකෙම උතුම්ම රටක් ලංකාව. මේ කතාව ලංකාවේ වෙන්න බැහැ .

:       46       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site