IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කැපිල පෙනුණ හාදයා දහදියට දියවෙලා

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
මංගල උත්සවයට යන තමා පිළිබඳව අන්‍යන්ගේ අවධානය දිනා ගැනීමට මිතුරා දුන් අපූරු උපදේශය ක්‍රියාත්මක කොට අමාරුවක වැටුණු තරමක මෝඩ පහේ අයකු පිළිබඳව පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.


හේ අමුතුම පුද්ගලයෙකි. කරන්නේ ද අමුතුම වැඩය. මේ වැඩ කරන්නට ගොස් හිරේ විලංගුවේ වැටුණු වාර ද නැත්තේ ද නොවේ. ඔහු නිතරම හිස මුඩුකොට තබාගෙන සිටින්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙසය.


හිතවතකුගේ මංගල උත්සවයක් එන්නේ මේ අල්ලපනල්ලේය. මේ උත්සවයට යන විටදී එහි සිටින සියලුදෙනාගේම  අවධානය ලබා ගැනීමට ඔහුට අවශ්‍ය  විය. ඒ අනුව එදාට අඳින ඇඳුම අනෙක් අයට වඩා වෙනස් කළ යුතු යැයි ඔහු සිතුවේය. එසේ නැතහොත් ටයි පටිය වෙනස් කළ යුතු යයි ඔහුගේ මනසේ හොල්මන් කළේය.


මේ ප්‍රශ්නය ගැන ඔහු සිය අඹ යහලු‍වාට කීවේ හොඳ ගැටකාරයකු වන ඔහුගෙන් උපදේශයක් ලබා ගැනීමටය.


මිතුරා දුන් උපදේශයට ඔහු එකඟ වූයේ එමගින් ලැබෙන අවධානය වැඩිවෙතැයි ඔහු අනුමාන කළ නිසාය. ඔහුගේ තට්ට හිස මෙයට කදිම තෝතැන්නක් විය. තට්ට හිස ප්‍රයෝජනයට ගෙන මිතුරා දුන් උපදේශය ඔහු මංගල උත්සවයට ක්‍රියාත්මක කළේය.


මංගල උත්සවයට ඔහු ගියේය. දකින දකින අයගේ අවධානය ඔහුට යොමුවිය. ඒ වෙනුවෙන් මේ උපදේශය දුන් මිතුරාට ප්‍රශංසා කළේ ඔහු හදවතින්මය. ඔහු දකින දකින අය ඇසුවේ ‘‘අනේ ඇයි මේ මොකක් වෙලාදැයි’’ කියායි. ඔහුට ඊට පිළිතුරු දී නිමක් නොමැතිවිය. මේ සම්බන්ධයෙන් ඔහු සමග මඟුල් ගෙදර කතා නොකළ අයකු ද නොවුණ තරම්ය.


කෑමට පෙර දේ ලැබුණේ මේ අතරය. ඔහුත් ඊට සම්මාදන් වූයේ ඒ සඳහා තිබූ පළපුරුද්දත් එක්කය. පදමත් සමගම සංගීත රිද්මයට නැටීමට ගියේ ඉන් අනතුරුවය. නටන විට දී ඔහුගේ තට්ට හිසට දහදිය දැමීමට පටන් ගත්තේය. ඒ අතර ඔහු කෙනෙකුගේ ඇගේ ද හැපුණේය. එහි ප්‍රතිඵලය වූයේ තට්ටය පුරාම ගසා තිබූ ප්ලාස්ටරය ගැලවී බිම වැටීමය.


‘‘අයියෝ මෙයා මේ තුවාලයක් නැතිව මුළු තට්ටය පුරාම බොරුවට ප්ලාස්ටරයක් එලාගෙන ඇවිල්ලා’’ යයි කනින් කොනින් මඟුල් ගෙදර පුරාම පැතිර ගියේ එදා දහවල බඩකට පුරා කන්න තිබූ අවස්ථාව ද නැති කරමිනි. මේ තත්වය යටතේ තව දුරටත් සිටිය හොත් හැමෝගෙන්ම ගුටි කන්න වේයයි යන අනියත බියත් සමග ඔහු එතැනින් මාරුවී ගියේය.

 



අදහස් (0)

කැපිල පෙනුණ හාදයා දහදියට දියවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site