IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.
තේ හා කුරුඳු ආශ්‍රිත ජීවන රටාවක් පවතින ග්‍රාමීය නිවසකි. පවුලේ එකම දියණියට හොඳ තැනකින් කටයුත්තක් කර දීමට සිතූ මවුපියන් ඒ සඳහා කපු මහතකුගේ  සහාය ඇතිව ගිරුවාපත්තුවෙන් හොඳ තරුණයෙක් සොයාගනු ලැබීය.
මෙම කටයුත්ත සඳහා මවුපියන්ගේ ද ආශිර්වාදය හිමිවූයේ ඔහු හොඳ  ගොවි මහතකු වීම නිසාවෙනි. දියණියගේ කැමැත්ත අනුව විවාහ කටයුතු සිදුකළ ඔවුන් එම තරුණයා තම නිවසෙහි නවතා ගැනීමට කටයුතු කළේය. මනාල මහතාට කුඹුරු වැඩ  පිළිබඳව දැනුමක් තිබුණු   නමුත් වෙනත් වගාවන් පිළිබඳව  එතරම් අවබෝධයක් නොතිබුණි. 


මොවුන් සතුව තේ හා කුරුඳු වගාවක් තිබූ අතර, මාමා සහ බෑනා එකතුව ඉඩමේ වැඩ කටයුතු සිදු කරන ලදි. බෑනා පවුලට එකතුවීමෙන් පසු  තම කටයුතු පහසු වූ බැවින් හේ සතුටට පත්විය.
දිනක් මාමණ්ඩිය තම බිරිඳ අමතා පවසා සිටියේ “දැන් තේ ගස් කපන්නත් වෙලා. අර උන්නැහේට එන්න කිව්වට ආවෙත් නැහැ. මටත් සනීප මදි වගේ.’’ යනුවෙනි.  ඔහු තේ කැපීම ලෙස අදහස් කළේ කලක් යන විට දලු කැඩීම අපහසු බැවින් තේ ගස් කප්පාදු කළ යුතු බවයි.
මේ පුවත කනවැකුණු බෑනා පසුදා උදෑසනම පිහියක් ද රැගෙන තේ ඉඩම වෙත ගියේ මෙය තමාට මාමණ්ඩියගේ හිත දිනාගැනීමට උදා වූ හොඳ අවස්ථාවක් බව සිතමිනි. ඉඩම වෙත ගිය ඔහු සරම කෙටි කර ගෙන කොනක සිට තේ ගස් මුලින් කපා දැමීමට පටන් ගත්තේ ගිරුවාපත්තුවේ හේන් එළිකරන්නාක් මෙනි. ඉඩම දෙසින් ශබ්දයක් ඇසුණු බැවින් මාමණ්ඩිය ඒ දෙසට ගිය අතර, දුටු දෙයින් ඔහු මවිතයට පත් වී “අපොයි දෙවියනේ මොකක්ද මේ කරල තියෙන්නෙ. මගේ තේ ගස් ටික ඉවරයි.” කියමින් එතැනම බිම ඉඳගත්තේ දෑතම හිසට ගසා ගනිමිනි.
මින් අන්දමන්ද වූ බෑනා  මාමණ්ඩියගෙන් කරුණු විමසා දැනගත් පසුව, සමාව අයැද සිටියේ මින් පසු කළ යුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු නොකරන බව තරයේ පවසමිනි. වැඩි හොඳත් නරකට තමයි සිතමින් ඔහු නිවස කරා ගියේ තමා අතින් සිදුවූ දෙය පිළිබඳව කනගාටුවෙමිනි.

 කඹුරුපිටිය විශේෂ කේ. අජිත්



අදහස් (0)

කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 351 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site