IMG-LOGO

කොන්දොස්තරත් කැත වැඩේම කරලා

(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ප්‍රධාන මාර්ගයක දිවෙන පෞද්ගලික බස් රථයකි. එහි ඉදිරිපස පඩිපෙළ අසල එල්ලූ දැන්වීමක් විය. ‘‘මේ පඩිපෙළේ එල්ලීගෙන යමින් කරන කැත පුරුද්ද නතර කරමු’’ එහි මුද්‍රණය කොට තිබිණ. ගසක අත්තක එල්ලී සිටින වඳුරෙකුගේ රුව ද එහි විය.


බසයේ කොන්දොස්තර තැන මෙම පඩිපෙළේ වූ පොල්ල අල්ලාගෙන රියැදුරු සමග දිගු කතාබහකි. මෙය දුටු මගියකුට තරමක කෝපයක් ඇති විය. ඔහු සීනුව නාදකොට බැසීමට යන ගමන් ‘‘කපුවා කෝවිලේ කැත කළාට වරදක් නැද්දැයි’ රියැදුරාගෙන් ඇසුවේ කොන්දොස්තර තැන පෙන්වමිනි.


එහෙත් එය නෑසුනු රියැදුරා බසයේ වේගය අඩුකොට ‘‘මොකක්ද කීවේ’’ කියා ඔහු දෙස බැලුවේය. 


“නෑ ඔයාගෙ ගෝලයා අර ලියපු කැත වැඩේ කරනවා යැයි’’ උස් හඬින් කී මගියා බැස යන විට මගීහු සිනාසුනහ.


කාරණය තේරුම් ගත් රියැදුරු තැන සිනාසෙමින් දැන්වීම් පුවරුව දෙසත්, කොන්දොස්තර දෙසත් බලන විට කොන්දොස්තර කෝපයෙන් පසුපසට ගියේ තරමක ලජ්ජාවකින්ලු.

 



අදහස් (0)

කොන්දොස්තරත් කැත වැඩේම කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 240 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site