IMG-LOGO

කාන්තා දින වැඩසටහනට ගිය දෝණියන්දෑ පොලිසියෙන් මතුවෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කාන්තා දිනයේ විශේෂ කාන්තා වැඩසටහනකට යනවා යැයි කියමින් නිවෙසින් පිටවී ගිය දියණිය පොලිසියෙන් මතු වූ අපූරු පුවතක් වාර්තා වේ.


මේ දියණිය නිරන්තරයෙන්ම සමාජ අසාධාරණය පිළිබඳව කතා කළ කෙනෙකි. කාන්තාවට සමාජයෙන් වන හිරිහැර පිළිබඳව ඇය මවුපියන් සමග වාද විවාද කළේ දවසක් දෙකක් නොව කිහිප දවසක්මය.


ජගත් කාන්තා දිනයේ ඇය නිවසින් පිටව ගියේ කාන්තාවන් පිළිබඳව නගරයේ පැවැත්වෙන විශේෂ කාන්තා වැඩසටහනකට සහභාගි වන බව මවුපියන්ට පවසමිනි. මවුපියන් ද ඊට ඇයට යාමට අවසර ලබාදුන්නේ ඇය කාන්තාවන්ගේ නිදහස පිළිබඳව නිතර කතා කළ කෙනකු නිසාය. ඒ පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ නිසාය. ඒත් එක්කම නගරයේ පැවැත්වෙන මේ කාන්තා වැඩසටහන පිළිබඳව සංවිධානයකින් පුළුල් ප්‍රචාරයක් ලබාදීම තවත් ඊට හේතුවක් විය.


මේ දියණිය නිවෙසින් පිටව ගොස් හෝරාවක් දෙකක් යන්නට මත්තෙන් ඇයගේ මවට නගරයේ පොලිසියෙන් දුරකතන ඇමතුමක් ලැබෙන්නේ මේ අතරවාරයේදීය. කාන්තා පොලිස් නිලධාරිනියක කතා කර ඇයට කීවේ ඇයගේ දියණිය සිය භාරයේ සිටින බවත් වහාම පොලිසියට පැමිණ ඇය රැගෙන යන ලෙසත්ය. සිය දියණිය පොලිසියේ ඉන්නේ ඇයි දැයි යන්න පිළිබඳව මව පොලිස් නිලධාරිනියගෙන් වැඩි විස්තර ඇසුවත් ඇය සැර වී කීවේ පොලිසියට ඇවිත් ඒ ගැන සොයා බලන ලෙසය. ඒ සමගම පොලිස් නිලධාරිනිය දුරකතන ඇමතුම ද විසන්ධි කළාය.


මේ මව සිතුවේ සිය දියණිය කාන්තා දිනයේ කොරෝනා මර්දන නීති කඩකරමින් නීති විරෝධී පෙළපාළියකට සම්බන්ධ වී පොලිසියට අසුවන්නට ඇතැයි සිතාය. එසේ සිතූ ඇයට පොලිසියට ගිය විටදී කාන්තා දිනයේ කාන්තා වැඩසටහනකට යනවා යයි කියමින් නිවෙසින් පිටවූ සිය දියණිය පිරිමි ළමයකු සමග වෙරළේ වැටකෙයියා පඳුරුවල අසංවර ලෙස පෙම් කෙළිමින් සිටි ජෝඩු අත්අඩංගුවට ගැනීමේදී ඇය ද අත්අඩංගුවට පත්වී ඇති බවය.


දියණිය එක් වරක් විභාගය කළ පාසල් ශිෂ්‍යාවක බැවින් තරයේ අවවාද කොට මුදාහරින බවත් මොන දිනයක් වුව ද මවුපියන් වශයෙන් මීට වඩා දියණියන් ගැන සැලකිලිමත් වීම ලොකු මහත් වූ දියණියන් සිටිනා මව්වරුන්ගේ වගකීමක් බව පොලිස් නිලධාරිනිය පවසද්දී මේ මවට මහ පොළොව පලාගෙන යාමට තරම් වූවේ ඇය කියූ කතාව සියයට සියයක් සත්‍ය බව අවබෝධ වීමෙනි.

 



අදහස් (1)

කාන්තා දින වැඩසටහනට ගිය දෝණියන්දෑ පොලිසියෙන් මතුවෙලා

Chinthaka Wednesday, 10 March 2021 09:29 AM

කාලෙකට පස්සේ කදිම දෙයියෝ සාක්කියක් කියවන්න ලැබුණා.

:       5       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 240 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site