IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කන්තෝරු යන බිරිඳගේ සෙන්ට් සුවඳ පස්සෙන් සැමියා හොරෙන් ගිහින්

දර ළිපේ කෑම පිසීම නිසා තමා වෙතින්  වහනය වන දුම්  ගඳ මර්දනය කිරීමට උදෑසන රැකියාවට යාමට පෙර වෙනදාට වඩා සුවඳ විලවුන් පාවිච්චි කරන බිරිඳ පිළිබඳව සැක සිතූ සැමියා හොර රහසේ ඇයගේ කාර්යාලයට ගොස් ඇය ගැන විපරම් කර බැලූ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


තවමත් තරුණ විය ඉක්ම නොගිය ඉතා ජැන්ඩි  පහට අඳින  පළඳින ඇය දුටුවන් සිත් වසඟ කරවන මනා රූසපුවකින් යුක්තය. ඇය නගරයේ කාර්යාලයක පෞද්ගලික සහකාර  තනතුරක්  හොබවන අතර  ස්වාමියා කුඩා ව්‍යාපාර කටයුත්තක් කරගෙන නිවසේ කටයුතුද බලා කියාගෙන සිටී. මේ අතර පවතින ගෑස් අර්බුදය නිසා මෙතෙක් කලක් අතහැර දමා තිබූ මුළුතැන්ගෙයි දර ළිපට යළි පණදීමට මොවුන්ට සිදුවිය.


දවස් කීපයක් වත්තෙන් පිටියෙන් සොයාගෙන ආ දරවලින් කෑම පිසුවද පැවති වැස්සට අසුවී දරටික තෙමීම නිසා උදෑසන ආහාර පිළියෙල කිරීමේදී දුම් නාගෙන දස වද විඳීමට ඇයට සිදුව තිබිණ.


මේ තත්ත්වය නිසා සේවයට යාමට පෙර වෙනදාටත් වඩා සෙන්ට් පවුඩර් පාවිච්චි කිරීමටද ඇයට සිදු විය.


උදේ පාන්දර දර ළිපත් සමඟ කරන ලද ගෝතකරුමයෙන් හෙම්බත්වූ ඈ දිනක් තම ස්වාමියා අමතා මෙසේ දෝස් මුරයක් එල්ල කළාය.
‘‘අපෝ මටනම් බෑ මේ වදේ කරන්න. ඊටත් මම කොහොමද ඔෆිස් එකේ මනුස්සයෙක් ළඟට ගිහින් වැඩ කරන්නෙ. ඉහින් කනින් දුං ගඳයි දැළි ගඳයි, ඔයාම උයන්න, එහෙම බැරිනම් මොන ලෝකෙක  හරි ගිහිල්ල ගෑස් සිලින්ඩරයක් ගේන එකයි ඇත්තෙ., මට නං මේ සුමේ තවත් කරන්න බෑ බෑ බෑමයි”‍.


ඇයගේ ඒ හෑල්ල ඇසීමෙනුත් ඇය මෑතක සිට උදෑසන වෙනදාට වඩා  සෙන්ට් පවුඩර් උලනු දැක ඇති නිසාත් සැකය මුසු කෝපයකින් ඔහුගේ මනස අවුල් විය.


‘‘මිනිස්සු ළඟින් ගියාට මොකෝ,  තුරුල් කර⁣ගෙන හිටියොත් නේ ගඳ දැනෙන්නෙ”‍ යැයි ඔහුගේ කටින් පිටවුණේ ඇයගේ තනතුර පිළිබඳවද ක්ෂණිකව ඔහුගේ  සිතට සැකයක් පහළවූ නිසා විය හැකිය.


වචන හුවමාරුව වැඩිදුර නොයවා පාලනය කර ගැනීමට දෙදෙනාම සමත් වුවද බිරිඳ ගැන ඇගේ කාර්යාලයට ගොස් විපරම් කර බැලීමට හේ ඉටා ගත්තේ වෙනදාට වඩා ඇයගේ මේ වෙනස කාර්යාලයේ කා සමඟ හෝ වැඩි ඇඟෑළුම්කමක්වත් තිබෙන නිසාදැයි සොයා බැලීමටය.


ඒ අනුව දින කීපයක්ම ඇයට නොදැනෙන්නට කාර්යාලයට ගොස් සහ වෙනත් ක්‍රම මගින් ඇය ගැන විපරම් කර බලා ඇති ඔහුට දැන ගැනීමට ලැබී ඇත්තේ ඇය කන්තෝරුවේ සිටින විනයගරුක මෙන්ම සංවරශීලීම නිලධාරිනියක් බවලු‍.

පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි



අදහස් (0)

කන්තෝරු යන බිරිඳගේ සෙන්ට් සුවඳ පස්සෙන් සැමියා හොරෙන් ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 716 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17943 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site