බස්නාහිර පළාතේ සමාජ සේවා ආයතනයකට සම්බන්ධ මාණ්ඩලික නිලධාරියෙකි. පසුගියදා සේවයට යන ගමන් තම දරුවා ද රැගෙන පාසලට ගොස් ඔහු එහි නවතා කාර්යාලයට ගියත් බිරිඳගෙන් හදිසි දුරකතන ඇමතුමක් ලැබුණේ යළි දරුවා රැගෙන නිවෙසට එන ලෙසටය.

කලබල වූ ඔහු සිය කාර්යාල බෑගය ද රැගෙන කාර්යාලයෙන් පිටවී මඳ දුරක් යනවිට ආරක්‍ෂිත මුරපොළකින් ඔහු නවතා බෑගය පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බව එහි සිටි පොලිස් නිලධාරියා කීය.
මඳ සිනාවක් පෑ ඔහු “මේකෙ මගේ ෆයිල් ටිකක් තියෙනවා එච්චරයි” කීවත් බෑගය පරීක්‍ෂා කළ නිලධාරියාට මඳ සිනාවක් නැගිණ.
“ෆයිල් මුකුත් නෑ. බේබි සූට් ටිකකුයි, සූප්පුවකුයි නම් තියෙනවා” ඔහු කීය.
මවිතයට පත්වූ කන්තෝරු මහත්තයා බෑගයේ පිටත බැලීය. ඔහුට තරු පෙණුනි. කලබලයෙන් තමා ගෙනැවිත් ඇත්තේ කාර්යාලයේ වෙනත් කෙනකුගේ බෑගයක් බව වටහාගත් ඔහු එක පිම්මේම ආපසු කාර්යාලයට දිව ගියාලු.
(තිහගොඩ - උපසේන ලියනගම)
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කන්තෝරු මහත්තයාගේ බෑගයෙන් සූප්පුවක් බේබි සූට්
kapila Sunday, 09 June 2019 01:28 PM
මේකට හිනා යන්නේ නෑ...