(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
පෙම්වතුන්ගේ දිනයට අනියම් පෙම්වතියට ලබාදීමට ගත් තෑගි පාර්සලය බිරියට හා දරුවන්ට හමුවීම නිසා විශාල අකරතැබ්බයකට මුහුණ දුන් සැමියකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ කාර්යාලයකින් වාර්තාවෙයි.
මැදිවියේ පසුවන මෙම සේවකයා නළුවකු කලාකරුවකු ලෙස හඳුන්වාගනිමින් සේවා ස්ථානය සහ පිටත දී මොහු කටයුතු කරන අතර රාජකාරියට වඩා කතාවට දක්ෂ පුද්ගලයකු ලෙසට ද ප්‍රසිද්ධියක් උසුලයි.
කාර්යාලයේම සේවය කරන තවත් කාන්තාවක සමග පෙම්හබයක පැටලී සිටින මොහු විවාහකයකු වන අතර පාසල් යන වයසේ දරුවෝ ද සිටිති.
පෙම්වතුන්ගේ දිනයට සිය පෙම්වතියට තෑගී දීම සඳහා විශාල ප්‍රමාණයේ චොකලට් එකක් රෝස මලක් සහ කුඩා අත්ඔරලෝසුවක් මිල දී ගෙන අලංකාර ඇසුරුමක අසුරා සිය ගමන් බෑගයේ සුරක්ෂිතව තබාගත්තේය.
සති අන්තයේ දරුමල්ලන් සමග නිවසේ කාලය ගත කළ අතර බිරිය ලියාදුන් බඩු ලැයිස්තුව රැගෙන ඒමට සෙනසුරාදා උදේ ඔහු සතිපොළට ගියේය.
පාසල් යන වයසේ සිටින දරුවන් දෙදෙනා තාත්තාගේ කාමරයට ගොස් සෙල්ලම් කරන අතරතුර වැඩිමහල් ළමයා තාත්තාගේ බෑගය වෙනදා මෙන් විවෘත කර බැලුවේය. ලස්සන පාර්සලයක් දුටු දරුවෝ දෙදෙනා එය ඔසවාගෙන අම්මා සොයා දිව ගියහ. දරුවන් අත ඇති පාර්සලය දුටු කාන්තාව පුදුමයට පත්ව පාර්සලය විවෘත කර බැලුවාය.
පාර්සලය තුළ ඇති දේවල් දුටුවිට ඇයගේ දෑස් උඩ ගියේය.
කාන්තාවකගේ නමක් සඳහන් කරමින් ලියා තිබූ ආදර වදන නිසා ඇයගේ හිසට යක්ෂයා ආරූඩ වූ අතර චොකලට් එක දරුවන් දෙදෙනාට කෑමට දුන්නාය.
පොළට ගොස් පැමිණෙන විට බිරිඳ හා දරුවන් නිවසේ පෙනෙන්නට නොසිටි අතර ගමන් මල්ලේ තිබූ පාර්සලයේ කවරය පමණක් කාමරයේ මේසය මත ඇති අයුරු ඔහු දුටුවේය.
දරු දෙදෙනා සමග සිය මහගෙදරට ගිය කාන්තාව සැමියා රැගෙනවිත් තිබූ තෑගි ද රැගෙන ආදරවන්තයන්ගේ දිනයේ දී ඔහුගේ කාර්යාලයට ගොස් ආදර වදනෙහි නම සඳහන් කාන්තාව සොයා රෝස මල සහ අත්ඔරලෝසුව තෑගි කළාය.
රෝස මලට අමතරව දරු දෙදෙනා ද බාරගන්නා ලෙසට කාන්තාවට ලුණු අඹුල් සහිතව ආමන්ත්‍රණය කිරීම නිසා මුළු පෙම් කතාවම කාර්යාලය පුරා පැතිර යාමට වැඩි වේලාවක් ගත නොවීය.
2025 ඔක්තෝබර් මස 08
1414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1295
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කන්තෝරුවේ පෙම්වතියට වැලන්ටයින්දා රෝසමලක් එක්ක දරු දෙදෙනකුත් ලැබිලා
දිමුත් Thursday, 17 February 2022 11:18 AM
නියමයි!
pakeer Thursday, 17 February 2022 07:51 PM
ලංකාවේ හුඟක් අය විවාහ වී ඉන්නේ ලෝකෙට පේන්න. හුඟ දෙනෙක් තමන් විවාහ වෙලා ඉන්න කෙනා එක්ක ඉන්න කැමැති නැහැ. ඒක ගෑණු, පිරිමි කාටත් පොදු දෙයක්... මට හරි දුකයි ඒ අය ගැන. ඒක වනචර කමම කියලා කියන්න බැහැ. හුඟක් වෙලාවට අදහස් නොගැලපීම...
Karunasena Friday, 18 February 2022 06:01 PM
මේවගේ වැඩ වෙන්නේ දකුණේ ගොබ්බයින්ටමයි...