පෝද්දල- සරත් ආනන්ද ගමගේ
ප්‍රධාන මාර්ගය අසලට කුනු බෑග් දෙකක් ගෙනැවිත් දැමූ තැනැත්තකුට විරෝධය දක්වා ගම් වැසියකු විසින් සවිකරනු ලැබූ ‘අවලාද’ පුවරුවක් ගැලවීමට ගොස් කුණු දැමූ පුද්ගලයා ගම්වාසීන්ට කොටුවූ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ.

ප්‍රධාන මාර්ගයෙන් හැරී අතුරු මාර්ගයකින් ගම්මානයට පිවිසියයුතු මෙම මංසන්ධිය අසල දිනක් කවුරුන් හෝ විසින් නිවසින් බැහැර කරන අප ද්‍රව්‍ය ඇතුළත් කුණු පාර්සලයක් ගෙනැවිත් දමා තිබිණ.
එහි පොල් කුඩු, පොල් කටු, ඉවත දමන ලද දත් බුරුසු සමග පාවිච්චිකර ඉවත දමන ලද මුඛ ආවරණ ඇතුළු අප ද්‍රව්‍ය මාර්ගය අසල විසිරී ගොස් තිබෙනු දැක ගත හැකි විය.
පාරේ ගමන් කරන්නකු මෙය විසිකර යන්නට ඇතැයි ඇතැමකු සැකකළ අතර බොහෝ දෙනෙක් මෙය තවත් සිදුවීමක් ලෙස සලකා අමතක කර දැමූහ.
කෙසේ වුවත් ඒ ආසන්නයේ පදිංචි පරිසර හිතකාමියෙක් මේ පිළිබඳව කම්පාවට පත්වී සිටියේය. ඔහුගේ කම්පාව දෙගුණ කරමින් පසුදිනද තවත් කුණු පාර්සලයක් එම ස්ථානයේ තිබෙනු දැක ගන්නට ලැබුණි.
මේ නොසණ්ඩාල වැඩේ කරන්නාට පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතූ ඔහු මිතුරකුගේ උපදෙස් පැතීය.
කුණු දැමූ එකාට එරෙහි වී ‘අවලාද’ පුවරුවක් සවිකරන ලෙසත් එහි සඳහන් කළ යුතු අවලාදයක් මිතුරා පැවැසීය.
ඝනකම කම්බිවලින් සවිකළ හැකි පරිදි උඩින් හා යටින් සිදුරු විද ලෑලි පුවරුවක අදාළ වාක්‍ය ලියා අසල්වැසියකු සමග විදුලි රැහැන් කණුවක සවි කිරීමටද ඔහු කටයුතු කළේය.
පුවරුව සවිකර දින දෙකක් ඉක්ම ගිය දින හිමිදිරියේම යතුරු පැදියකින් පැමිණි යුවළක් මෙම පුවරුව ගැලවීමට උත්සාහ දරන අයුරු ඒ ආසන්නයේ පදිංචිකරුවකුට දැක ගන්නට ලැබුණි.
වහා ක්‍රියාත්මක වූ ඔහු මෙන්න කුණු දාපු එකා අහු වුණෝ යි කියමින් එම ස්ථානයට පැමිණි අතර ඔහුගේ කෑ ගැසීම ඇසුණු තවත් පිරිසක්ද එම ස්ථානයට එක් රැස් වූහ.
කලබලයට පත් යුවළට යතුරුපැදිය පණගන්වා ගෙන පලා යාමට උත්සාහ කළද පැමිණි පිරිස දෙපළ ග්‍රහණය ගැනීමට සමත් වී තිබුණි.
ගම්වාසීන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්වූ එම යුවළ ඔවුන්ට වැඳ සමාව ගෙන එම ස්ථානයෙන් පිටව ගියේ හූ හඬ මැදය.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුනුකාරය ලෑල්ලෙන් අහුවෙලා