IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


කතාව නුදුන්නාට මගුල් ගෙදර පිස්සු කෙළළා

මංගල උත්සවයක මංගල සභාව මෙහෙය වීමේ අවස්ථාව ලබා ගැනීමට සිටි එම පවුලේ ඥාති සහෝදරයකුට එම අවස්ථාව නොලැබීම නිසා සිත්තැවුලට පත්ව පදම ඉක්මවා බීගෙන පිස්සු නැටූ පුවතක් ගැන ගාලු‍ නගරයේ ගමකින් අසන්නට ලැබේ.
හේ ගමේ සමිති සමාගම් රැසකම නිලතල දරයි. ඒවාත් ප්‍රධාන නිලය එක්කෝ සභාපතිය. නැත්නම් ලේකම්ය. එනිසා ඔහුට මංගල අවමංගල උත්සවයන්හි කතා පැවැත්වීමේ අවස්ථාව ද නිතැතින්ම හිමිව තිබුණි. 
පසුගියදා ඔහුගේ සහෝදරයාගේ එකම දියණියගේ විවාහ මංගල උත්සවයෙ දී තිබුණි. ඒ දකුණේ සංචාරක පුරවරයේ ප්‍රසිද්ධ හෝටලයක ය. මනාලයා පැමිණීමෙන් පසු මංගල උත්සවය ආරම්භ විය. පෝරුවේ චාරිත්‍ර වලින් ආරම්භ වූ උත්සවයට දහවල් වනවිට ඉස්තරම් සැරබීම ද එක්වීම නිසා එය රස ගුලාවක්ම විය. 
මංගල සභාව මෙහෙවීමේ වගකීම බාර ගැනීමට සිටි අපේ කතානායකයා ගාණට ෂොට් දෙකක් දාගෙන වැඩිපුර බයිට් කමින් කල් මැරුවේ සවසට පැවරෙන භාරධූර වගකීම නිසාය. කාලවේලාව ඉක්මවා යමින් තිබිය දී ආරාධිතයන්ට කෑම මේසය ද විවෘත විය. එහෙත් තවමත් තම සහෝදරයා මංගල සභාවේ වගකීම පැවරීමට කටයුතු නොකිරීම පිළිබඳව ඔහු සිටියේ කනස්සල්ලෙනි. 


පසුගිය දිනවල හැමදේම තමාගෙන් විමසමින් කටයුතු කළ සහෝදරයා අද දවස තුළ වරකට දෙකකට වඩා ඔහුට මුණ ගැසී තිබුණේ ද නැත.
බැරිම තැන ඔහු නෑනා ලඟට කිට්ටු වී මංගල සභාව පවත්වන්නේ කීයටදැයි විමසීය.‘‘කොලේ ඇත්තේ දූ ලඟ. දූගෙන් තමයි අහන්න ඕන.”‍ නෑනා දුන්නේ එවැනි පිළිතුරකි. ‘‘හරි මං එයාගෙන් අහගන්නම්”‍ කියමින් ප්‍රධාන ශාලාවට පිවිස මනමාලි සොයා ගියේය. ඇය හමුවී විමසීමේ දී පැවසුවේ ‘‘කොලේ ඇත්තේ අම්මා ළඟ”‍ කියාය.
‘‘හරි කමක් නෑ. උන්ට හොඳනම් මටත් හොඳයි”‍ සිතමින් ඔහු මිටින් හළ කුරුල්ලෙකු සේ ඉහළ මහලේ තිබෙන ‘‘බාර්” එකට රිංගා ළඟ ළඟම දෙක තුනක් නවා ගත්තේ ය. ඉහළ මාලයේ සාදය නිමවන විට බඹර පදම් වී සිටි ඔහු පාතමාලයට ආවේ තරුණයන් දෙදෙනකුගේ කරේ එල්ලීය. පහළ මාලයේ සංගීතයට අනුව පාද තබන පිරිස අතරට වැදුණු ඔහු මාරාවේශ වූවකු මෙන් අමුතුම නැටුමක් පටන් ගත්තේ ය. එය උඩරට පහත රට සබරගමු කාවඩි හා මිශ්‍ර ඩිස්කෝ නැටුමක් විය. මුළු මංගල සාදයම ඔහුගේ හැසිරීමෙන් ප්‍රමෝදයට හා පුදුමයට පත්ව සිටියේය. සමාජයේ පිළිගැනීමක් ඇති මහත්මයකු වුවද බේබදුකම නිසා පත්වෙන තත්වය ඔහු සැමට පෙන්වා දෙමින් සිටියේය. 
අවසානයේ ඔහුගේ පුත්‍රයා විසින් දිවා ආහාරයවත් නොගෙන සිටි ඔහුව ත්‍රීරෝද රථයක දමාගෙන නිවසට රැගෙන විත් ඇත. පසුදා ඔහුගේ බිරිඳ දියණිය විසින් පෙරදා කළ අපූරු රංගනය පිළිබඳ ඔහුට සිහිපත් කළේලු‍. එදා සිට මේ වනතෙක්ම ඔහු නිවසටම වී සිටින බවයි තතු දත්තෝ පවසන්නේ.

පෝද්දල සරත් ආනන්ද ගමගේ



අදහස් (0)

කතාව නුදුන්නාට මගුල් ගෙදර පිස්සු කෙළළා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 64 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 352 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 365 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site