IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


කොත්තුවක් අඹ යාළුවන් දෙන්නා නයි වෛරක්කාරයන් කරලා

(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
නිවසට ගෙනා චිකන් කොත්තුවක් අල්ලපු ගෙදර බල්ලා හොරෙන් කෑම හේතුවෙන් මිතුරා සමග රණ්ඩු වී ගුටි ඇනගෙන පොලිසි ගිය සිද්ධියක් තලාතුඔය ප්‍රදේශයේ ගමකින් වාර්තා විය. 


එක ළඟ පිහිටි නිවාස දෙකක ජීවත් වන මෙම දෙදෙනා සහ පවුලේ සාමාජිකයින් අනෙකාට ද උදව් කරමින් මිතුරුදමින් කාලයක් තිස්සේ ජීවත් වූ අයයි. 


ඔවුන්ගේ නිවාස දෙකේම සුරතලයට ඇති කරන බල්ලන් දෙදෙනකු ද සිටින අතර ඔවුන් දෙදෙනා ද හාම්පුතුන් මෙන් හොඳ මිතුරන්ය. එක් මිතුරෙකු වැඩ ඇරී හවසට නිවසට එනවිට රාත්‍රී කෑමට කොත්තුවක් ගෙනවිත් කුස්සියේ තබා ඇත. ඇඟපත සෝදා බිරිඳත් දරුවනුත් සමග සාලයට වී රූපවාහිනිය බලා රාත්‍රී කෑමට සූදානම්ව කුස්සියට ගිය විට කොත්තු පාර්සලය නොමැති බව දැක ඇත. 


ඒ පිළිබඳව විපරම් කිරීමේදී කුස්සියේ දොර විවෘත කොට තිබුණු අයුරු දැක බලද්දී අල්ලපු ගෙදර බල්ලා කොත්තුව රැගෙන ගොස් කන අයුරු දැක ඇත. 


එය දුටු ගෙහිමියා පොල්ලක් ගෙන බල්ලාට පහර දී ඇති අතර එම සද්දය ඇසුණු අල්ලපු ගෙදර මිතුරා පැමිණ බල්ලාට ගහන්නේ කුමට දැයි අසා රණ්ඩු වීමට පටන් ගෙන ඇත. රණ්ඩුව දුරදිග ගොස් ගුටි බැට හුවමාරුවක් ද සිදු වී ඇති අතර එම සද්දය ඇසී පැමිණි අසල්වැසියන් රණ්ඩුව බේරා ඇත. 


දෙදෙනාම තමන්ට වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසි ගොස් පැමිණිලි කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් තලාතුඔය පොලිසියෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. 
මිතුරන් දෙදෙනා විරසක වී සිටියදී බල්ලන් දෙදෙනා චිකන් කොත්තුව නිසා ඊටත් වඩා මිතුරන් වී සෙල්ලම් කරමින් මිදුලේ සිටිනු එම පෙදෙසින් යන කාටත් දැකගත හැකි විය. 



අදහස් (0)

කොත්තුවක් අඹ යාළුවන් දෙන්නා නයි වෛරක්කාරයන් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1653 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1400 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site