IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කතට නියම වූ පන්දාහේ වන්දිය රුපියලේ දෙකේ කාසිවලින් ගෙවලා

 
(නයිනමඩම - චන්දන ප්‍රනාන්දු)
  දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමථයකට පත්වී අගතියට පත් වූ කාන්තාවකට වන්දි ලෙස රුපියල් 5,000 ක මුදලක් මාරු කාසිවලින් ගෙවීම නිසා එම වන්දි මුදල බාර ගැනීම එම කාන්තාව ප්‍රතික්ෂේප කිරීමේ පුවතක් පසුගියදා වෙන්නප්පුව පොලිසියෙන් වාර්තා විය.
තමන්ට සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් කාන්තාවක විසින් වෙන්නප්පුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පහරදීම සිදු කළ පුද්ගලයා පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කිරීමේදී පහරදුන් පුද්ගලයා තමන් කළ වරද පිළිගෙන කාන්තාවගෙන් සමාව ඉල්ලා සිදුවීම සමථයකට පත්ව තිබේ.
 
තමන්ට වූ හානිය සම්බන්ධයෙන් රුපියල් 5000 ක වන්දියක් ද අවශ්‍ය බව කාන්තාව පැවසීම හේතුවෙන් පහරදීමට සම්බන්ධ පුද්ගලයා එම වන්දි මුදල ඉදිරි දිනයකදී ලබාදෙන බව පවසා පොලිසියෙන් පිටව ගොස් තිබේ.                                
 
පොලිසිය විසින් ලබාදුන් දිනයේ දෙපිරිසම පොලිසියට පැමිණ අදාළ කාන්තාවට වන්දි ලෙස රුපියලේ, රුපියල් දෙක හා රුපියල් 5 ඇතුළත් රුපියල් 5000 ක මුදල මාරු කාසි ලෙස ලබාදී ඇති නමුත් කාන්තාව එම මුදල බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් අදාළ පුද්ගලයා වෙනත් මුදලක් ලබාදීමට අකමැතිවීමත් නිසා වන්දි මුදල සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙමින් තිබියදී එම ස්ථානයට වෙනත් කරුණක් වෙනුවෙන් පැමිණ සිටි මහත්මයකු මැදිහත් වී මාරු කාසි ලබාගෙන නෝට්ටු ලබාදීම නිසා ගැටලුව විසඳුනාලු.



අදහස් (0)

කතට නියම වූ පන්දාහේ වන්දිය රුපියලේ දෙකේ කාසිවලින් ගෙවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 597 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 751 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site