IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කතක් ග‍්‍රාමසේවකට රාජකාරි උගන්වන්න ඇවිත්

ග‍්‍රාමසේවා කාර්යාලයකි. උදෑසනම දරුවන් තිදෙනකු සමඟ එහි පැමිණි කාන්තාවක කීවේ තමා ගමේ පදිංචිය අතහැර වෙන ගමක පදිංචියට යන නිසා අදාළ සහතික ලබාදෙන ලෙසටය.

ග‍්‍රාමසේවක ඒ පිළිබඳ අයැදුම්පතක් දුන්විට ඇය මීට වසර හතරකට පෙර රිය අනතුරකින් මියගිය ගුරුවරයකු වූ ඇගේ සැමියා ඇතුළු දරුවන් තිදෙනකුගේ නම් ලීවාය. බාල පුතාගේ වයස අවුරුදු දෙකක්වීම නිසා කරුණු සෙවූ ග‍්‍රාම සේවකට දැනගත හැකිවූයේ ඇය දෙවැනි වරටත් විවාහවී ඇති බවකි.

මේ ගැන විමසූ විට ”ඒ කසාද කතා ලියන්න එපා රාළහාමි, එතකොට මැරුණු මහත්තයගෙ විශ‍්‍රාම වැටුප මට ලැබෙන එකක් නෑනෙ.” කීවෙන් ග‍්‍රාම සේවකට තරු පෙනිණ,

”ඔයා හදන්නෙ මගේ රස්සාවටත් කෙළින්න” දැයි ඇසූ ග‍්‍රාමසේවක එහි තිබූ මියගිය සැමියාගේ නම කපා දමා අලුත් සැමියාගේ නම ලියා බාලම දරුවාට අලුත් සැමියාගේ නමට උප්පැන්න සහතිකයක් හදා ගන්නත් කීවාලු.



අදහස් (0)

කතක් ග‍්‍රාමසේවකට රාජකාරි උගන්වන්න ඇවිත්

හේවාවසම් Tuesday, 20 May 2014 06:49 PM

මියගිය සැමියා හිතනවා ඇති මැරිලත් මට ඉන්න දෙන්නේ නැහැ කියලා (නි)

:       0       0

සුරේන් Tuesday, 20 May 2014 01:07 PM

අනේ පව් බුද්දික, එයාට ලැජ්ජ හිතුනද මන්දා (නදී)

:       0       0

බණ්ඩාර Saturday, 17 May 2014 04:53 PM

කැඩුණු විට ලනුව ඒ හා බැදුණු තවත්...දිය යට රැදෙනු ඇත නොබිදුනු බාල්දියත්...ඒ සැම වෙතට නොම වෙයි නම් අකල් විපත්...හොද ලණුවකින් දිය ඇද්දම මොකද 'සරත්'. (අ)

:       0       0

මැණික් Saturday, 17 May 2014 05:48 PM

දැන් සිටින සමහර කාන්තාවන් කොහොමටත් එක පිරිමියෙකුගේ ආදායමින් නඩත්තු කරන්න බැහැ. නඩත්තු වෙන්න කැමතිත් නැහැ. හැමෝම නෙවෙයි. (නදී)

:       0       0

පවන් Friday, 16 May 2014 03:09 PM

නීතිය දැන් වෙනස් වෙලා නේද? ඒ අනුව 50% ක වැටුප හි‍මි නැවත විවාහක වැන්දඹුවට නේද? (නි)

:       0       0

ශාන්ති Saturday, 17 May 2014 01:47 AM

හැම ග්‍රාම සේවකයකුම එහෙම නැහැ ආරි, ඉතාමත් හොදට රාජ කාරිය කරන අය ඉන්නවා (ස)

:       0       0

රියාස් Friday, 16 May 2014 03:22 PM

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 13/2010 අනුව නැවත විවාහ වන වැන්දඹුව හා වැන්දඹුපුරුෂයින්ට 50%ක විශ්‍රාම වැටුපක් හිමි වේ. (දී)

:       0       0

පහන්දී Saturday, 17 May 2014 06:16 PM

ෂා...!!! මරේ මාරු, සරත්ගෙයි,බන්ඩාරගෙයි කවි දෙක .., තවත් ලියන්නකෝ .., නියමයි....!!! (ස)

:       0       0

ෂෙරිෆ් Friday, 16 May 2014 03:30 PM

මෙහි සඳහන් ග‍්‍රාමසේවක අකුරටම රාජකාරිය කරනබවක් පේනවා, එයට හේතුව කාන්තාව තමන් කරන වරද යම් අල්ලසක් නොදී ගමේ පදිංචිය අතහැර යෑමේ සහතිකයක් ලබාගැනීමට උත්සහ දැරීම, අද කාලේ බහුතර ග‍්‍රාමසේවකවරු අල්ලස් දැලේ පැටලීමෙන් අධිකරණ හමුවේ රස්තියාදු වෙන බව නිතරම පුවත් පත්වලින් අනාවරණය වීමයි. (දී)

:       0       0

බංඩාර Sunday, 18 May 2014 11:55 AM

හිතවත් බුද්ධික, ඉහත කවි දෙකෙන්ම අදහස් කරන්නට උතසහ කර ඇත්තේ එකම දෙයකි...එනම් 'ඇය' වැන්දබු උවත් ඇයටද ආදරය කරුණාව දයාව මෙන්ම රැකවරණය අවශ්‍ය බවත් දරුවන්ට අයපතක් නොවන දෙවන විවාහයක් කරගැනීම පාපයක් නොවන බවත් පමණි. ..එය එසේ නොවී ඇය යම් පාපතර ක්‍රියාවලට යොමු උවහොත් අසරණ දරුවන්ට වන්නේ කුමක්ද? එදාට යලිත් ඇයට විරුද්දව ඇගිලි දිගු කරන්නේ අපම නොවේද? ඒ දෙස 'කවි' සිතින් බැලු අප ඔබ තරම් බුද්ධිමත් නොවීම තුලින් වචන ගැලපීමේ අඩුවක් වී ඇත්නම් ඒ ගැන කණගාටු වෙමු . (නදී)

:       0       0

හේමන්ත Friday, 16 May 2014 03:36 PM

කතුන් බොහොමයක් ඔහොම තමා. බොරුවෙන්ම තමා දිනන්න බලන්නේ (නි)

:       0       0

ශාන්ති Monday, 19 May 2014 11:52 AM

අනිල් මහත්මයා ආරිගේ ඒ කතාව වැරදි නිසයි මම එහෙම කිව්වේ.(නදී)

:       0       0

අසෝකා Friday, 16 May 2014 03:43 PM

දෙවැනි විවාහයක් කරගත්තත් මම හිතනවා දරුවන්ගේ වයස් සීමාව අනුව බිරිඳට නැතත් දරුවන්ට එය හිමිවිය යුතුයි කියලා. (නි)

:       0       0

කුමුදු Tuesday, 20 May 2014 09:03 PM

ඇත්තටම සැමියා මැරුණොත් බිරිඳ සදහට ම තනියම ඉන්න ඕනෑ ද ? (ස)

:       0       0

කුමුදු Tuesday, 20 May 2014 09:29 PM

ඇත්තටම මිනිහා මැරුනම වෙන කෙනෙක් බදිනවා නම් හොඳයි. මොකද අද අපේ අපේ ලංකාවේ නොවේ මෙහෙවත් තනියම ඉන්න බැහැ. කොහොම හරි බිරිඳට ස්වාමියෙක් ලැබුනොත් ඒ පිරිමියාට පිනක්. (නදී)

:       0       0

කිත්සිරි Friday, 16 May 2014 05:17 PM

මියගිය සැමියාගෙන් දරුවන් දෙදෙනෙකු සිටින නිසා ඈට විශ්‍රාම වැටුප නොලැබී යන්නේ නැහැ නේද? (නි)

:       0       0

බුද්දික Saturday, 17 May 2014 09:01 PM

හිතවත් බණ්ඩාර, සරත් කරුණාකර හිස් වචන නොකියන්න. මොකද මෙහි පාඨකයන් බහුතරය මා මෙන් උගත් බුද්දිමත් පිරිසක්ය. එබැවින් අප වැනි අයගේ වටිනා කාලය විනාශ නොකරන මෙන් තවදුරටත් ඉල්ලා සිටිමි.(නදී)

:       0       0

සෙලිනා Monday, 19 May 2014 02:04 PM

නෙලුම් දැනුත් ඉන්නේ එහෙම අය නේද,,,? අනුන්ගේ උස් මිටිකම් නොසොයා අනුන් සිත සතුටු කරන්න හැකි යමක් ලියමු. මොකද මෙතනට අනවශ්‍ය දෙයක් නම් කතෘ අනුමැතිය නොලැබී ගිහින් මෙහි පල වෙන්නේ නැහැ.(නදී)

:       0       0

නෙළුම් Sunday, 18 May 2014 01:58 PM

කවියෙන් හරි කමක් නැහැ , තමන්ගේ ස්වාධීන අදහස් නේ ලියන්නේ. මට නම් එහි වැරද්දක් නැහැ.අනෙක එය මෙහි පලවූ පුවතට අදාලයි. මේ වගේද , සමහර පුවත් වලට අනෙක් අයගේ අදහස් පාගා දමා අදාළ නැති අරුත් සුන් දේවල් ලියන අයත් සභාවේ හිටියානේ. (නදී)

:       0       0

සරත් Saturday, 17 May 2014 11:18 AM

මට පෙර කවියක් මතක් උන... {කැඩුනට පසුව ලනුපොට ළිද දිය ඇද්ද.... ඒ ළිද වසන සිරිතක් නම් කොහි ඇද්ද.... කැඩුණු ලනු වෙන්නට වැඩ සිද්ද... වෙන ලණුවකින් දිය ඇද්දම වරදක්ද????}

:       0       0

සෙලීනා Saturday, 17 May 2014 10:51 PM

බුද්ධික මේ එසැණ තුල කිසිම තැනක සදහන් වී නැහැ මෙය බාවිතා කල යුත්තේ උගත් බුද්දිමත් අය පමණක් කියා., ඔබ වැනි උගතුන්ට පමණක් මෙය තිබේ නම් අපේ කතෘතුමා අනෙක් අයගේ අදහස් මෙහි පල කරන්නේ නැත.., පහු ගිය කාලයේත් මෙතන කෑවේ ඔබ වැනි අයයි., කාටත් පොදු මෙතන පොදු දේවල් ලියාවි ., ඒවා පලවේවී, ඔයා කලබල නොවී ඉන්න.,(ස)

:       0       0

ගමගේ Sunday, 18 May 2014 12:25 AM

ඔන්න අර නිදන් හොරුන්ට සපෝර්ට් කරන කෙනා අදත් ඇවිල්ල මෙතනත් වනසන්න වගේ හදන්නේ.(නදී)

:       0       0

පිටිගල Friday, 16 May 2014 12:23 PM

මේකට නම් ඉබේම "දෙයියෝ සාක්කි" කියලා කියවෙනවා. (නදී)

:       0       0

ප්‍රිමේශිකා Friday, 16 May 2014 12:27 PM

දෙවෙනි විවාහයක් කර ගත්තම විශ්‍රාම වැටුප් නැති වෙන නීති දැන් වෙනස් විය යුතුයි. (ස)

:       0       0

ශාන්ති Sunday, 18 May 2014 01:58 AM

ගොඩක් ස්තුතියි සෙලිනා.(නදී)

:       0       0

නිසාර් කුවෙට් Sunday, 18 May 2014 03:31 PM

තාත්තා මිය ගියාට පසු තාත්තාගෙ බුදලය ළමයින්ට ලැබන්න සැකසිය යුතුයි. මවගේ 2 මිනිහා ඒ බුදලය කොල්ල කාල ළමයින්ව පාරට දායි.(නදී)

:       0       0

ආරි Friday, 16 May 2014 08:51 PM

කිසිම අවුලක් වෙන්නේ නැහැ,ග්‍රාම සේවකට ලිංගික අල්ලසක් ඉදිරිපත් කෙරුවාම නියමෙට සහතිකය හදලා දෙයි. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 18 May 2014 04:29 AM

දක්ෂ කමට බුද්දීකට නිකන් ඉරිසියයි වගේද.? එහෙනම් නොකියව කාලය ඉතුරු කරගන්න ලියන අයගේ සිත් පාරන්නේ නැතිව. ඒක ඔබටත්,අපිටත්,යහපතක් වෙන නිසා.(නදී)

:       0       0

අනිල් තලවතුගොඩ Monday, 19 May 2014 07:42 AM

ආරි මහතාගේ අදහසට ශාන්තිට මොකද කේන්ති යන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 556 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 586 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 668 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 907 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 508 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 876 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 438 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1345 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 345 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site